Featured News

Video Gossip

Advertisement


ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ විදේශ සංචිත ඩොලර් මිලියන 2581 බවත් නමුත් ණය ලෙස ඩොලර් මිලියන 7247 ගෙවීමට ඇති බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

මෙම ණය ගෙවනීම සදහා Concept Global ආයතනයකින් ඩොලර් බිලියන දෙක හමාරක ණය මුදලක් ලබා ගැනීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එතරම් විශාල ණය මුදලක් ලබා දෙන සමාගම රාජගිරිය පැත්තේ පිහිටි කුඩා නිවසක් බවත් තමන් එය බැලීමට ගිය බවත් පැවසූ මන්ත‍්‍රීවරයා එම නිවසේ හිමිකරුවා කිසිදු සමාගමක හිමිකරුවෙකු හෝ ප්‍රධානියකු නොවන බවත් පැවසීය.

නමුත් කැබිනට් මණ්ඩලය විසින් නම් එම පුද්ගලයා නමට අදාළ ණය මුදලින් 7%ක් එනම් ඩොලර් මිලියන 175ක කොමිස් මුදලක් අනුමත කර ඇති බවද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements