Featured News

Video Gossip

Advertisement

යොහානි සමග ගීත ගායනය ට ආ සුපිරි ඉන්දීය නළුවා සල්මන්  
යොහානි ඉන්දීය ටෙලිවිෂන් තිරයේ

ප්‍රති නිර්මාණය කළ 'මැණිකේ මගේ හිතේ' ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වී තිබේ.

ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන "Bigg Boss15" නමින් හැඳින්වෙන එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් 'මැණිකේ මගේ හිතේ' ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය "Bigg Boss" වැඩසටහන සඳහා යොහානි ආරාධිතයෙකු ලෙස සහභාගී වී ඇති අතර එහිදී පටිගත කරන ලද දර්ශන පෙළක් මේ වන විටත් අන්තර්ජාලයට යොමුකර තිබේ.
අද රාත්‍රී 9.30ට ඉන්දියාවේ "colorstv" චැනලය ඔස්සේ යොහානි සහභාගී වූ එම වැඩසටහන නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවකාශ හිමිවනු ඇත.

යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය සැප්තැම්බර් 30 වනදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවී තිබේ.

ඇය ගායනා කළ නවතම හින්දි ගීතය ද මෙරට ගායිකාවක් ගැයූ , අඩුම කාලයක් තුළ යූ ටියුබ් නැරඹුම් වාර මිලියනයක් පසුකළ ගීතය බවටද පත්ව ඇත.

යොහානි ප්‍රති නිර්මාණය කළ 'මැණිකේ මගේ හිතේ'' ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements