Featured News

Video Gossip

Advertisement

ක්‍රිප්ටොකරන්සි ශ්‍රී ලංකාව තුළ අනුමත නැහැ - මහ බැංකුව කියයි

ක්‍රිප්ටොකරන්සි පිළිබඳව මහ බැංකුව දරණ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ශ්‍රී ලංකාව තුළ යම් පුද්ලයෙකු ක්‍රිප්ටොකරන්සි භාවිතයෙන් ගනුදෙනු කරන්නේ නම් එහි අවදානම දැරීමේ වගකීම ද ඔවුන් සතු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

මේ වන විට ඇතැම් සමාගම්, විශේෂයෙන්ම සුඛෝපභෝගී මහල් නිවාස (Apartments) වෙළෙඳාමේ නිරත සමාගම් ඒවා අලෙවියේ දී සහ බදු දීමේ දී ක්‍රිප්ටොකරන්සි ගෙවීම් භාරගන්නා බවට ප්‍රසිද්ධි දැන්වීම් පළකර ඇති බැවින් එවැනි ගනුදෙනු ශ්‍රී ලංකාව තුළ අනුමතද යන කරුණ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.
“ක්‍රිප්ටොකරන්සිවල අපේ ප්‍රතිපත්තිය වෙනස් වෙලා නැහැ. අපි ඒ ප්‍රතිපත්තියේම තමයි ඉන්නේ. යම් අය වෙන වෙන මුදල් භාවිතා කරනවා නම් ඒ අවදානම ඒ අය ගන්න ඕනේ. භාණ්ඩ හුවමාරු කරද්දීත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. ලංකාවේ මුදල් ඒකකය රුපියල. එතනින් එහාට වෙන කිසිම දෙයක් අපි අනුමත කරලා නැහැ“, යනුවෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී.එම්.ජේ.වයි.පී. ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් තිබෙන අනතුරුදායකත්වය ගැන මහජනතාව දැනුවත් කර ඇති බවයි. කෙසේවෙතත් මේ සම්බන්ධ ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් සිටිනවා නම් ඒ අවදානම ඔවුන් භාරගත යුතු බව ඇය වැඩිදුරටත් මෙහිදී පැවසුවාය.

ක්‍රිප්ටොකරන්සි මුදල් භාවිතය පිළිබඳ සිය ස්ථාවරය දක්වමින් 2021 අප්‍රේල් 09 දින ශ්‍රී ලංකා මහ බැංකුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලදී. එහි සඳහන් වූයේ අතථ්‍ය මුදල් වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (financial), මෙහෙයුම් (operational), නෛතික (legal), පාරිභෝගික ආරක්ෂාව (customer protection ) සහ ආරක්ෂණය (security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලබන බවයි.

මෙම පසුබිම තුළ ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ බව පසුගිය දා (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවක දී නිවේදනය කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements