Featured News

Video Gossip

Advertisement

රනිල්ල රාජිතල චම්පිකල ෆොන්සේකාල අනුර ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න යයි

යහපාලන රජය සමයේ සිදුකරන ලද්දේ යයි කියන දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බැලීම සඳහා වර්ථමාන රජය විසින් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා තවත් සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් ජනාධිපති විසින් පත් කරන ලද අතර එම කොමිසමේ නිගමන 2020 වසරේදී එලිදක්වන ලදී.

ජනාධිපතිවරයා විසින් ඉහත උපාලි අබේරත්න කොමිසන් සභා නිගමන මත නිරාවරණය වන පුද්ගලයන්ට නිසි දඬුවම් කිරීමට සුදුසුදැයි සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවන ලදී.

උපාලි අබේරත්න නිගමන මගින් යහපාලන ආණ්ඩුව යටතේ පිහිටුවා තිබුන දූෂණ විමර්ශන කොමිටුව හා එහි සාමාජිකයන්ගේ තින්දු තීරණ මගින් දේශපාලන පලිගැනීම් සිදුව ඇති බව නිගමනය කොට තිබේ.
එම කමිටුවේ සාමාජිකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ෆීල්ඩ් මාශල් ෆොන්සේකා, රාජිත සේනාරත්න, මංගල සමරවීර ප්‍රධාන චුදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

විශේෂ ජනාධිපති කොමිසම මගින් යම් පුද්ගලයකු වරදකරු ලෙස නිගමනය කරයි නම් ඔහුගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට බලය ලබා දී තිබේ.

පාඨලි චම්පික රණවක මහතා උපාලි අබේරත්න කොමිසමේ නිගමන අභියාචනාධිකරණය ඉදිරියේ අභියෝග කරන ලද අතර 14දා අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.

පාඨලී චම්පික රණවක මහතා පෙත්සම්කරු ලෙස ආයාචනය කරන ලද්ෙද් උපාලි අබේරත්න මහතා සභාපතිත්වය දැරැ ජනාධිපති කොමිසම විසින් එලඹෙන ලද නිගමන සියල්ල සර්ශෝරාරී රිට් ආඥාවක් මගින් බලරහිත කරන ලෙසත් එකී කොමිශන් සභා නිගමන ක්‍රියාත්මක කිරීම තුලින් පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන කිසියම් හෝ ක්‍රියාවක් සිදු කිරීම තහනම් කරනු ලබන ප්‍රොහිබිශන් ආඥාවක් නිකුත් කරන මෙන්ද ඉහත නිර්දේශ පදනම් කොට ගෙන දැනට පෙත්සම්කරුට එරෙහිව ගන්නා සියලු ක්‍රියාකාරකම් වාරනයට ලක් කරන ලෙස ඉල්ලා තිබේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements