Advertisement

රාජ්‍ය සේවකයින් නැවත සේවයට කැඳවිය යුතු ආකාරය ගැන චක්‍රලේඛයක් එයි

රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම සම්බන්ධ චක්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබේ.

රට යළි විවෘත කිරීමත් සමග ⁣රජකාරි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිකුත් කරනු ලැබූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව අදාළ චක්‍රලේඛය සකස් කර ඇත.

එම චක්‍රලේඛයට අනුව ඒ ඒ දෙපාර්තමේන්තු, ආයතන මගින් අත්‍යවශ්‍ය ලෙස සේවයට කැඳවා ඇති සේවක සංඛ්‍යා හැර සෙසු සේවක පිරිස් තවදුරටත් ඔන්ලයින් ඔස්සේ සේවය කිරීමට දිරිගැන්විය යුතු බව සඳහන් වේ.

තව ද ගර්භණී මාතාවන්, කිරිදෙන මව්වරුන් සහ විශේෂ රෝග සහිත පුද්ගලයින් සේවයට නොකැඳවන ලෙස ද එමගින් දන්වා තිබේ.

රාජ්‍ය සේවය යළි සක්‍රීය කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග සහිත අදාළ චක්‍රලේඛය පහත දැක්වේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements