Featured News

Video Gossip

Advertisement

සජිත්ගේ පක්ෂය පහට කැඩෙයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් පනස් තුන් දෙනා කොටස් පහකට බෙදී වෙන්ව කටයුතු කිරීම නිසා පක්ෂය තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම්, කළමනාකරණ කමිටු, දේශපාලන මණ්ඩලවලදී ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර සිය තනි මතයට කටයුතු කිරීම ඊට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පක්ෂ නායකයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් කරුණු නොවිමසා කටයුතු කිරීම ද තවත් ගැටලුවක් වන අතර ඒ බව අවස්ථා ගණනාවක දී සාකච්ඡා කළද තනි තීරණ ගැනීම වෙනස් වී නොමැති බවටද චෝදනා එල්ල වේ.

ඊට එරෙහිව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි දැඩි විවේචනයක් එල්ල කළ අතර ඇතැම් මන්ත්‍රිවරු පක්ෂයේ දේශපාලන කටයුතුවලට මැදිහත් නොවී සිටින බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. බදුල්ල නායකත්වය සම්බන්ධයෙන් චමින්ද විජේසිරි, රවින්ද්‍ර සමරවීර හා රත්නපුර දිස්ත්‍රික් නායකත්වය ගැන තලතා අතුකෝරාල හා හේෂා විතානගේ අතරද මත ගැටුමක් පවතින බවද සඳහන් වෙයි. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ආසනයේ සංවිධායක ධුරය පිළිබඳවද තලතා අතුකෝරාල හා හේෂා විතනගේ මන්ත්‍රිවරුන් අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි චම්පික රණවක 43 සේනාංකය සමග දේශපාලන කටයුතුවල නිරතවන අතර ඔහු සමගද මන්ත්‍රිවරුන් කිහිප දෙනකු කටයුතු කිරීම තවත් ගැටලුවක් වී ඇත. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් කිහිප දෙනකු සමග සමීපව කටයුතු කරන අතර එම සංඛ්‍යාව දහයකට අධිකය. සමගි ජන බලවේගයේ සාමාජික මුස්ලිම්, දෙමළ පක්ෂවල නායකයන්ද සිය පක්ෂවල දේශපාලන කටයුතුවල වෙනවෙනම නිරතව සිටීමද විශේෂත්වයකි.

– aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements