Advertisement


අද වන විට ලෝකයේ තෙල් අර්බුදයක් ඇති බවත් එන්ගලන්තයේ පවා තෙල් පෝලිම් තියෙන බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ලෝකයේ බොහෝ රටවල කර්මාන්තශාලා වසා ගෙන යන නමුත් අප යම්තාක් දුරට ඒ තත්ත්වයෙන් මිදී කර්මාන්ත ශාලා පවත්වාගෙන යන බවද ඔහු පැවසීය.

බාධක මැද්දේ වුවද රට සංවර්ධනය කරමින් සිටින බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂයේ වුවමනාව වී ඇත්තේ උද්ඝෝෂණ කරමින් නැවතත් රට වසා දැමීම බවත් එවන් තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මොන අභියෝග පැමිණිය ද සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනයන බවත් අනාගත පරම්පරාව වෙනුවෙන් රට ගොඩනගන බව ද අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

රත්ගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements