Advertisement

කර්මාන්ත ශාලා දෙකකින් රටේ ප්‍රශ්න විස‌දෙනවා

විදේශ විනිමය හිඟය ඇතුළු රට මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයකට ඉදිරියේදී විසඳුම් ලැබෙනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, ඉදිරියේදී විවෘත කිරීමට නියමිත විදෙස් කර්මාන්ත කිහිපයක් හරහා මෙම ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇති බව ය.

වෛද්‍ය උපකරණ නිපදවීම සඳහා මෙරට ස්ථාපනය කරන ලද පළමු කර්මාන්ත ශාලාව බව කියන "පැල්ක්සි කෙයාර්" පෞද්ගලික සමාගම විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේ ය.
මෙම කර්මාන්ත ශාලාව බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටා තිබේ.

මුදල් අමාත්‍යවරයා පළ කළ අදහස් මෙසේ ය.

"අපිට මේ අවස්ථාවේදී ගැටලුවක් වී තිබෙන විදේශ විනිමය ඉපැයිමේ ප්‍රධාන ආයතනයක් බවට මෙය පත්වෙනවා. මොක ද මේ වෛද්‍ය උපකරණ බොහෝමයක් සියයට 90ක් පමණ අපනයනය සඳහා නිෂ්පාදනය කරන ඒවා විශාල විදේශ විනිමයක් අපිට උපයා දෙනවා. තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නයටත් යම් ආකාරයකට උදව් වෙනවා. මේ මාසයේ 25 වන දා තොරතුරු තාක්ෂණය පිළිබඳ ලෝකයේ තියෙන ප්‍රධානතම ආයතනයක් මේ රටේ ආරම්භ කරනවා. ඔවුන්ගේ ක්‍රියාවලිය තුළින් ශ්‍රී ලාංකීක තරුණයින් 2,000කට ක්ෂණිකව රැකියා සැපයීමට හැකියාව තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අපිට මේ අවස්ථාවේදී මුහුණ පාලා තියෙන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට ඉදිරි කාලයේදී ඉතා ම සාධනීය විසඳුමක් දෙන්න."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements