Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඇඹිලිපිටියේ අති දුශ්කර ගමක ඉදන් රංගනයට ආපු නාඩගම්කාරයෝ නාට්‍යයේ ගජමෑන් 
” අහස රතුපාටයි. කුඹුර දම්පාටයි. කෑවා.. ඒත් බඩගිනියි.

නාඩගම්කාරයෝ නාට්‍යයේ සෑම චරිතයක්ම බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණ චරිත බවට පත් වෙනවනේ. ඉතින් මේ කතා කරන්නේ ‘ගජමෑන්’ ලෙස ඔබ අප කවුරුත් හඳුනන ‘ශශ්මිත දිල්ශාන්’ ගැන. ඔහු පසුගිය දවසක පුවත්පතක් සඳහා සාකච්ඡාවක් ඉදිරිපත් කරලා තිබුණා.ඉතින් ඒ සාකච්ඡාවේදී ඔහු සඳහන් කරපු කරුණු කාරණා ටිකක් තමයි මේ.

” අහස රතුපාටයි. කුඹුර දම්පාටයි. කෑවා.. ඒත් බඩගිනියි.” මේ දෙබසින් නම් කොයි කාටත් මතක් වෙනවා මෙහෙම කියන්නේ කවුද කියලා . ඉතින් මේ දවස් වල ජීවිතේ ගෙවෙන්නේ මේ නාඩගම්කාරයෝ නාට්‍යයත් එක්ක කියලා තමයි ඔහු සඳහන් කරල තිබුනෙ. ඉතින් ශශ්මිත කලාවට පිවිසෙන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ ‘දස්කොන්’ කියන ටෙලි නාට්‍ය හරහා. එයින් ඇතිවුණු ආසාව ඔහු අද වන විට කලාව වෘත්තියක් බවට පත් කරගන්නට හේතු සාධක වෙලා තිබෙනවා.

නාඩගම්කාරයෝ නාට්‍යයට ඔහු සම්බන්ධ වෙන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා සමඟ සහය අධ්‍යක්ෂවරයකු වශයෙන් කාලයක් කටයුතු කරපු නිසා. ඉතින් ‘අග්නි පියාපත්’ ටෙලි නාට්‍ය රූගත කිරීම් කරන අතරතුර අලුත් නාට්‍යයක් පටන් ගන්නවා කියල තියෙනවා ‘නාඩගම්කාරයෝ’ කියලා. ඉතින් එහි සහාය අධ්‍යක්ෂණයටත් මොහු සම්බන්ධ වෙනවා. සද්ධාමංගල සූරියබණ්ඩාර මහත්මයාගේ යෝජනාවකට අනුව තමයි ඔහු නාඩගම්කාරයෝ නාට්‍යයේ ගජමැන් බවට පත්වෙන්නේ.

ගජමෑන් කියන්නේ දෙබස් අඩු චරිතයක් වුණත් ඔහුගේ හිනාව අද වෙනකොට ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් දෙබස් අඩු නිසාම අධ්‍යක්ෂකවරයා පවසනවා ඔහුට යම් විශේෂ ලක්ෂණයක් චරිතය තුළ කරන්නට කියලා. ඒ අනුව ශශ්මිතම තමයි මේ හිනාව නිර්මාණය කරන්නේ.

ඔහු කලා අධ්‍යක්ෂණයට යොමු වෙන්නේ රංගනය පිළිබඳව අවබෝධයක් ලබාගන්න. පස්සේ දෙවැනි සහාය අධ්‍යක්ෂණයට යොමු වනවා. ඔහු කියන විදියට ඔහු රංගනය පිළිබඳව පාඨමාලාවක් හෝ හදාරලා රංගනයට පැමිණි කෙනෙක් නෙවෙයි. ඉතින් මේ නිසා වෘත්තියක් විදිහට රංගනය කරනකොට ක්ශේත්‍රයේ අක්මුල් පිළිබඳව දැන ගෙන සිටීම අත්‍යවශ්‍ය කාරණයක්.ඒ නිසාම ඔහු තිරය පිටුපස සිට ගෙන නිර්මාණයට අවශ්‍ය පසුබිම පිළිබඳව හොයන්නට පටන් ගන්නවා මේ නිසා කැමරාවක් පිටුපස සිට ගෙන සියලූ අත්දැකීම් වගේම දැනුමක් ලබා ගන්නට හැකියාවක් තිබෙනවා කියන කාරණාව තමයි සඳහන් කරන්නේ.

ටෙලි නාට්‍ය රංගනයට දායක වීමට අවස්ථාව ලැබුනත් ඔහු කියන විදිහට සහාය අධ්‍යක්ෂණයෙන් ඉවත් වන්නේ නැතිලු. මේකට හේතුව ඔහුගේ අරමුණ වෙලා තිබෙන්නේ කවදාහරි හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වීම. මේ නිසා ඉදිරියේ දී රංගනය හදාරන්න කටයුතු කරන බවත් සඳහන් කරනවා.ශශ්මිත කියන තවත් කාරණාවක් තමයි ගජමෑන් විදියට ඔහු ගොඩක් දෙනෙක් දැනට හඳුනනවා කියන එක. මොකද බොරු කොන්ඩ බොරු රැවුල් පාවිච්චි කරලා නැති නිසා බොහොම ඉහල ප්‍රතිචාර ඔහුට ලැබෙනවා කියන කාරණාවත් මතක් කරනවා.

කලා ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන් බොහෝවිට කියන කාරණාවක් තමයි බොහොම කැපිලි කෙටිලි තියෙන ක්ෂේත්‍රයක් කියන කාරණාව.නමුත් ශශ්මිත කියන විදිහට වෘත්තීය අත්දැකීම් තුළ ඔහුට එහෙම සිදුවීම් වලට මුහුණ දෙන්නට සිදු වෙලා නැහැ. කැපිලි කෙටිලි වලට තමන්ගේම හැසිරීමත් යම්තාක් දුරකට බලපානවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් හැමෝමත් එක්කම සුහදව වැඩ කටයුතු කෙරෙන නිසා එවැනි කැපිලි කෙටිලි වලට බොහෝ දුරට අත්දැකීම් ලැබුන අඩුයි කියලයි ඔහු සඳහන් කරන්නේ.

ඉතින් පවුලේ විස්තර ගැන කතා කරනවානම් ඔහුට ඉන්නේ අම්මයි මල්ලියි.ඇඹිලිපිටියේ කොලොන්න තමයි ඔහුගේ උපන් ගම වෙන්නේ. ඉතින් මව නම් මුලින් කැමති වෙලා නැහැ ඔහු කලාවට සම්බන්ධ වෙනවට. කලාවට සම්බන්ධ වෙලා ජිවිතේ විනාශ කර ගැනියි කියලා ඇය බය වුනා කියලා තමයි ඔහු සඳහන් කර තිබුණේ. ඉතින් දැන්නම් ඉතින් අම්මගේ ආශිර්වාදය ඔහුට නිතැතින්ම ලැබෙනවා කියලා සඳහන් කරනවා.

ශශ්මිත කියන්නේ වෘත්තීයයෙන් ප්‍රසංග වේදිකා නිවේදකයෙක්. ඒත් එක්කම ඉදිරියේදී වෘත්තීමය අධ්‍යක්ෂවරයෙක් වීමටත් හීන දකිනවා කියලයි සඳහන් කරන්නේ. නමුත් ඉතින් ලැබෙන සෑම චරිතයකටම උපරිම සාධාරණයක් කරමින් රංගන ජීවිතය තුළ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා කියලයි සඳහන් කරල තිබුනෙ.

ඔහුගේ ජීවිතයේ අංක එක වෙලා තිබෙන්නේ ඔහුගේ පවුල.අම්මට ගොඩක් ආදරේ කරන කෙනෙක්ව තමයි විවාහ කර ගන්නටත් බලාපොරොත්තු වනවා කියලයි සඳහන් කරන්නේ. නිහතමානී ඔහුව තේරුම් ගන්නට පුළුවන් ආදරය කරන්නට පුළුවන් පෙම්වතියක් ඇගේ බිරිඳ වේවි කියලයි සඳහන් කරලා තිබුණේ. තවමත් ඔහු පෙම්වතෙක් නෙවෙයි කියන කාරණාවත් අවසාන වශයෙන් මතක් කරලා තිබුණා. ඉතින් ගජමෑන් චරිතය තුළින් ඔහු ප්‍රේක්ෂක හදවත් වලට අමුතුම ආකාරයේ වින්දනයක් ලබා දීපු රංගන ශිල්පියෙක් කියන්නට පුළුවන්. ඉතින් ඉදිරියේදී ඔහුගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙන්නට කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අලුත් නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ඉදිරියේදී පැමිණෙන බලාපොරොත්තුවත් තිබෙනවා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook