Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ගෑස් හිඟය ගැන ලිට්‍රෝ සභාපති කතාවක් කියත්දී 
Litro Gas සභාපති පන්නනට ඇමති ලංසා සැරසෙයි
ඇතුලේ දැඩි අවුලක්?

ගෑස් ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇති වී ඇති ගැටලුවක් හේතුවෙන් වෙළෙඳපොළෙහි තාවකාලික ගෘහස්ත ගෑස් හිඟයක් පවතින බව එම සමාගම් පසුගියදා පැවසුවා. නමුත්   litro gas සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා බවසන්නේ උද්ගතව ඇති ගෑස් හිඟය හැකි ඉක්මනින් පහව යනු ඇති බවයි.

ඔහු සඳහන් කළේ, පැය 24 පුරා ක්‍රියාත්මක ගෑස් නිෂ්පාදන සහ බෙදාහැරීමේ ක්‍රියාදාමය සිදු කරමින් පවතින බව ය.

ඒ අනුව, මේ වන විට දෛනිකව ප්‍රමිතියෙන් යුතු ගෑස් සිලින්ඩර ඒකක 40,00ක් පමණ වෙළඳපොළට නිකුත් කරන බව ඔහු පැවසී ය.

ඔහු සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ පමණක් ගෑස් සිලින්ඩර ඒකක තුන් ලක්ෂ පනස්දහසක් පමණ බෙදා හැරි බව ය. එමෙන් ම, ඉදිරි දින කිහිපය තුළ ගෑස් සිලින්ඩර ඒකක එක් ලක්ෂ අසූදහසක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු පැවසී ය.
ඔහු සඳහන් කළේ, අලුතින් හඳුන්වාදුන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යම්කිසි කාලයක් ගත වන බව ය. ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් රටට ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව ද සභාපතිවරයා පැවසී ය.

ඔහු සඳහන් කළේ, පසුගිය වසරක කාලය තුළදී දිනකට ගෑස් සිලින්ඩර්වල වෑල් තුන්සියයක් පමණ මාරු කර ඇති අතර අද වන විට වෑල් තුන්දහසක් පමණ මාරු කිරීමට කටයුතු කරගෙන යන බව ය. දිනකට වෑල් මාරු කිරීමේ ධාරිතාව 20,000 දක්වා වැඩි කිරීමට මේ වනවිට කටයුතු සිදු කරගෙන යන බව ද ඔහු පැවසී ය.

කෙසේ් වෙතත්, නියෝජිතයින් වෙත බෙදා හැර තිබූ පැරණි ප්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර යළි කැඳවීම හේතුවෙන් වෙළඳපොළ තුළ මේ වන විට පීඩනයක් මතුව ඇතැයි ඔහු පැවසී ය.

එමෙන් ම පසුගිය කාල සීමාව තුළ ඉතා අඩුවෙන් ගෑස් මිලදී ගත් ජනතාව උත්සව සමය ත් සමග යළි ඉහළ ඉල්ලුමක් දැක්වීම හේතුවෙන් ද අවශ්‍යතාව තීව්‍ර වී ඇතැයි ඔහු පැවසී ය.

තව ද හඳුන්වා දී ඇති නව නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් ද පැවතියාට වැඩි කාලයක් බෙදා හැරීම් සඳහා ගත වන බව ද ඔහු සඳහන් කළේ ය.

එබැවින් මෙම කරුණු තවමත් වෙළඳපොළේ තවමත් ගෑස් හිඟයක් අත්විඳින්නට ජනතාවට සිදුව ඇති හේතු වී ඇති අතර සාමාන්‍ය ආකාරයට ගෑස් සිලින්ඩරයක් මිල දී ගැනීමට තව සති තුනක කාලයක් ගත වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගෑස් සභාපති පන්නා දැමිය යුතුයි - ලන්සා

මේ අතර නියමිත ආකාරයට ජනතාවට ගෑස් සැපයිය නොහැකි නම්, ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා තනතුරෙන් ඉල්ලා අස්විය යුතු යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉල්ලා අස් නොවන්නේ නම්, සභාපතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ය.

ඊයේ (ජන. 1) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

අඩු මුදලට දෙසැම්බර් මස ගෑස් ලබාදෙනවා යැයි ප්‍රකාශ කළ ද ජනතාව තවමත් ගෑස් පෝලිම්වල හිඳ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටින බව ඔහු පැවසී ය. අමාත්‍යවරයා වැඩිදුරට ත් ප්‍රකාශ කළේ, "හිනා වෙලා මාධ්‍ය සාකච්ඡා තියන්න නෙමෙයි ඔය ලිට්‍රෝ සභාපති ලා ඉන්නේ. ගහලා එලවන්න ඕනේ මම නම් කියන්නේ," යනුවෙනි.

"දැන් ගෑස් නෑ වගේ ම, මිනිස්සු පෝලිම්වල ඉන්නවා වගේ ම, ගෑස් එක අරන් ගියා ම පුපුරනවා. මම දැක්කා ඔය ලිට්‍රෝ සභාපතිතුමා හැමදා ම ඇවිල්ලා බයිලා ගහනවා මීඩියාවලට. මේ ගෑස් ටික නියමිත විධියට සපයන්න ඕනේ. එහෙම නැතිනම් තමන්ට තනතුර දාලා යන්න පුළුවන්. මිනිස්සු ගෙවල්වල ගිනි අරගෙන තියෙන්නේ. ගෙවල් ගිනි ගන්නවා. ගෑස් එක ගෙනියන්න අව්වේ කර වෙනවා. මිනිස්සු විශාල ප්‍රශ්නෙක ඉන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා සභාපති තුමා වහා ම ඉල්ලලා අස්වෙලා ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් ගෙදර අරින්න ඕනේ, ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. දැන් අඩුවට මේ දෙසැම්බර් ගෑස් දෙනවා කිව්වා නේ. රටේ මිනිස්සුන්ට ලොකු පොරොන්දුවක් දුන්නා නේ. ඒ නිසා හිනා වෙලා මාධ්‍ය සාකච්ඡා තියන්න නෙමෙයි ඔය ලිට්‍රෝ සභාපති ලා ඉන්නේ. ගහලා එලවන්න ඕනේ මම නම් කියන්නේ."

මේ අතර, පවතින ගෑස් පෝලිම් අවම කිරීමට ලිට්‍රෝ සමාගම පැය 24 පුරා ගෑස් නිෂ්පාදනය හා සිලින්ඩර බෙදා හැරීම් සිදු කරමින් පවතින බව ලිට්‍රෝ සභාපතිවරයා අද දින මධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook