Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී රන් පදක්කම් 4දිනා ලංකාව රනින් සැරසූ ෂෙනුකි දිවයිනට

තුර්කියේ ස්තාන්බුල් නුවර පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලියේදී පදක්කම් දිනූ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිරිස පෙරේදා (30 දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවි එසවීම් ශූරතාවලියේදී රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය.

කිලෝග්‍රෑම් 47 බර පන්තිය යටතේ මෙම ශූරතාවලියේදී තරග කළ ෂෙනුකි දිශල්‍යා එම කාණ්ඩය යටතේ පැවති තරග ඉසව් හතරට ම සහභාගී වී එම ඉසව්වලින් රන් පදක්කම් 4 ම දිනා ගැනීමට සමත් වූවා ය.

මොවුන් මෙම තරගාවලියේ දී රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි. සවි එසවීම් කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක මෙසේ මාධ්‍ය වෙත සිය අදහස් දැක්වීය.
අලූත් නීති ගොඩක් හඳුන්වා දී තිබූ අතර, දැඩි තරගකාරී පසුබිමක මෙම ජයග‍්‍රහණ ලබා ගැනීමට අපට හැකි වුණා.

මෙම තරගාවලිය සඳහා අපේ පෞද්ගලික මුදල් එකතු කරල, රුපියල් ලක්ෂ 05 ක් විතර හොයාගෙන තමයි අපි ගියේ. අද 12/30 තමයි සමාප්ති උත්සවය තියෙන්නෙ. අපි ඒකට සහභාගී නොවී ආවා.

එහෙත් ඉදිරියේදී අපි ශ‍්‍රී ලංකා රජයේ, ක‍්‍රීඩා අමාත්‍යාංශයේ සහ සවි එසවීම් ක‍්‍රීඩා සම්මේලනයේ සහය බලාපොරොත්තු වන බවද පැවසීය.

කිලෝ ග‍්‍රෑම් 47 බර පංතිය යටතේ මෙම තරගාවලියේ දී තරග කළ ෂෙනුකි දිශල්‍යා එම කාණ්ඩය යටතේ පැවති තරග ඉසව් හතරටම සහභාගී වී, එම ඉසව්වලින් රන් පදක්කම් 04 ම දිනා ගැනීමට සමත් වී සිටියාය. කටුනායක ගුවන් තොටුපළේ දී අදහස් දැක්වූ ෂෙනුකි දිශල්‍යා මෙසේ පැවසුවාය. මේ මගේ පළමු තරග සංචාරය. එහිදී මම තරග කළ ඉසව් 04 න්ම රන් පදක්කම් දිනා ගැනීමට සමත් වුණා.

ඒ වගේම පසුගියදා නිමාවට පත් වූ ශ‍්‍රී ලංකා සවි එසවීම් තරග වාර්තා අලූත් කිරීමටත් මට හැකි වුණා.

මගේ ඊළඟ බලාපොරොත්තුව ලෝක ශූරතා සවි එසවීම් තරගාවලියට සහභාගී වී එයින් ද රන් පදක්කම් දිනා ගැනීම බව ද ෂෙනුකි දිශල්‍යා පැවසීය.

මෙම තරගාවලියේදී නව නීති රැසක් හඳුන්වා දී තිබූ අතර දැඩි තරගකාරී පසුබිමක ජයග්‍රහණ ලබා ගැනීමට තමන්ට හැකි වූ බව කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක මහතා සඳහන් කළ බව අප වාර්තාකරු පැවසී ය.

"මෙම තරගාවලිය සඳහා අපේ පෞද්ගලික මුදල් එකතු කරලා රුපියල් ලක්ෂ 5ක් විතර හොයාගන තමයි අපි ගියේ. අද තමයි සමාප්ති උත්සවය තියෙන්නෙ. අපි ඒකට සහභාගී නොවී ආවා. එහෙත් ඉදිරියේදී අපි ශ්‍රී ලංකා රජයේ, ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සවි එසවීම් ක්‍රීඩා සම්මේලනයේ සහය බලාපොරොත්තු වෙනවා."


මෙම ක‍්‍රීඩකයන් පිරිස 12/30 දින සවස 03.25 ට තුර්කියේ ඉස්තාම්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර, මොවුන් පිළිගැනීම සඳහා ෂෙනුකි දිශල්‍යාගේ මව ක‍්‍රිශාන්තිනි දේවිකා සහ ඇයගේ පියා සංජීව සිල්වා යන අයද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආලින්දය වෙත පැමිණ සිටියහ.


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook