Advertisement

පොලී මුදලාලිට පල්ලෙවෙල පොලිසිය යටවෙලා ]මාධ්‍යවේදියාට පහරදුන් අය තවමත් නිදැල්ලේ

මාධ්‍ය වේදියෙකුට පහරදුන් පිරිසක් අත්තඩංගුවට නොගෙන සිද්ධිය යට ගැසීමේ පුවතක් පල්ලෙ වෙල ප්‍රදේශයෙන් වාර්තා වන බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය වාර්තා කර තිඛෙනවා . ඒ පහත පරිදිය

නීති විරෝධී කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් හෙළිදරව් කරණ ලද මාධ්‍යවේදියකුට දිනපතා පොලී මුදලාලි කෙනෙකු (ඩේලි පොලී) හා හමුදාවේ සේවය කරනු ලබන ඔහුගේ බෑනා කෙනෙකු විසින් සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය මෙතෙක් ක්‍රියාත්මක වී නැතැයි වාර්තා වේ.

පසුගිය 26 වැනිදා පෙරවරුවේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කරන අදාළ සෙබලා විසින් පොලී මුදලාලි සහ තවත් අයෙකුද සමඟ එකතුව මාධ්‍යවේදියාට පහරදී ඝාතනය කිරීමට උත්සාහ කර තිබේ.
අදාළ පහරදීම රුමේෂ් චන්ද්‍ර තිලක (යුද හමුදා සෙබලා) හා පොන්නයියා ආදිශ්ට්‍රා වේලු (මාමා) යන අය විසින් සිදු කළ බවට මාධ්‍යවේදියා විසින් පල්ලෙවෙල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

සැකකාර යුද හමුදා සෙබලා හා අනෙක් අය විසින් කැත්තකින් සහ පිහියකින් මාධ්‍යවේදියාට පහර එල්ලකර ඇති අතර පහර කෑ මාධ්‍යවේදියාගේ කෑ ගැසීම ඇසී අසල් වැසි කාන්තාවක් මැදිහත්ව මාධ්‍යවේදියා බේරාගෙන ඇති බව පැවසේ.

ඒ වන විටත් පිහි පාරවල් සහ කෑති මිට පහරවලින් තුවාල ලබා සිටි මාධ්‍යවේදියා ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගතකර ඇත.

කෙසේවුවද, අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පල්ලෙවෙල පොලිසිය මෙතෙක් අසමත්ව තිබේ.

මොවුන් විසින් නිවසක් කඩා බිද දමා බඩු රැගෙන යන cctv දර්ශන මාධ්‍යට ලබාදුන් බවට වන සැකයක් මත මාධ්‍යවේදියා සමඟ කලක සිට මොවුන් වෛරයකින් පසුව ඇතැයි පැවසේ.

මේ අතර අදාළ මාධ්‍යවේදියා මොවුන් විසින් මිලදී ගැනීමට උත්සාහ කරමින් සිටි දේපලක් මිලදී ගැනීම නිසා වෛරය තවත් වර්ධනය වී මේ පහරදීම සිදු කර ඇති බව පැවසේ.

පල්ලෙවෙල පොලිසියේ හිටපු ස්ථානාධිපති වරයාගේ කාල වකවානුවේදී මොවුන් විසින් නිවසක් කඩා බිඳදමා දේපල පැහැරගෙන යාම සහ මුදල් සොරකම් කිරීම සම්බන්ධයෙන් ද එසේම මෙම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙකුට මග රැක සිට පහර දීම යන චෝදනාවන්ට අදාලවද පල්ලේවෙල පොලිසිය වෙත සාක්ෂි සහිතව පැමිණිලි කර ඇතත් එම පැමිණිලි සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් පොලිසිය ගෙන නොමැති බවද මේ අතර වාර්තා වේ.

හමුදා සෙබලා යුද හමුදාවේ අවවාද මත සිටින අයෙකි.

ඔහුගේ පෙර වැරදි රාශියක්ම ඇතැයි පැවසේ.

සැකකරු, මෙවැනි අපරාධ සිදුකර පොලිස් විමර්ශන පැවැත්වෙන අවස්ථාවලදී ඒවා මඟහැර හමුදා සේවයේ යෙදෙන බවට ද චෝදනා එල්ලවී ඇත.

සැකකරුගේ මීට පෙර කසිප්පු ජාවාරමක් සඳහා සම්බන්ධව සිටියදී පොලිසියට කොටුවූ සිද්ධියක් සම්බන්ධයෙන් පුවත්පතක් වාර්තා කර තිබූ අයුරු පහත දැක්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements