ඉන්දියාව රුසියාවෙන් කුණු කොල්ලෙට ගන්නා ඉන්ධන ලංකාවට ගිනි ගාණට දෙයි..
මෙරටට ආනයනය කරන ලද ඉන්ධන නැව් තුනකට ඩොලර් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් දින අටක් තිස්සේ ඒවා ජාත්‍යන්තර මුහුදේ නවතා ඇති බව ඉන්ධන වරාය විදුලිය සමගි වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ මෙම දින 8ක කාලයට අමතරව මෙම නැව් ගොඩබාන දින දක්වා විශාල ඩොලර් ප්‍රමාණයක් පමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුවනු ඇති බවයි.ඉන්දීය ණය පහසුකම් යටතේ ලබා දෙන අවසාන ඉන්ධන නැව මේ වන විට මෙරටට පැමිණ ඇති බවද පැවසූ ඔහු දෙවැනි ඩොලර් මිලියන 500ක ණය මුදලට අදාළ ගිවිසුම් අත්සන් කර නොමැති නිසා ඉන්දීය ණය පහසුකම් යටතේ ඉන්ධන නැව් ලැබෙන දිනයක් වත් සඳහන් කළ නොහැකි බවද පැවසීය.
මෙම තත්ත්වය මත පවතින අර්බුදය ඉදිරි දිනවලදී තවදුරටත් ඉහළ යා හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
පවතින වෙළඳපොල මිලට වඩා අඩුම වශයෙන් 20%ක් අඩුවෙන වසර දෙකකට පසු ගෙවීමේ පදනම මත රුසියාවෙන් මෙරටට ඉන්ධන හා බොරතෙල් ලබාගැනීමට හැකියාව තිබියදී එය නොතකා මෙරට බලධාරීන් කටයුතු කරන අතර ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ලබා ගෙන එම ඉන්ධනම ශ‍්‍රී ලංකාවට වැඩි මිලට මෙරටට ලබා දෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.