Advertisement

නිදහසින් පසු දැවැන්තම වැඩ වර්ජනයෙන් රජයේ කටයුතු අඩාලයි

ජන මතයට හිස නමා ආණ්ඩුව ගෙදර යනු’ යන තේමාවෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති දහසක පමණ සංඛ්‍යාවක් අද දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරත වෙයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් රාජයේ කටයුුතු බොහෝ සෙයින් අඩාල වී තිබේ.

මේ අනුව ඇතැම් කාර්යාල වසා දමා ඇති අතර අතැම් කාර්යාල විවෘත කර තිබුණත් සේවකයන්ගේ පැමිණීමක් සිදු ව නොමැත.ආණ්ඩුවට විරෝධය පාමින් මෙසේ විරෝධතාවයට එක්වන පිරිස ලක්ෂ දහය ඉක්මවනු ඇතැයි වෘත්තිය සමිති නායකයන් කියා සිටිති.

ඔවුන් විසින් අද දිනයේ විරෝධතා පාගමනක් ද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

මෙම වැඩවර්ජනය ගේ අරමුණ දින හතක් තුළ ආණ්ඩුව බලයෙන් ඉවත් විය යුතු බව දැන්වීම බවත් එය නොතකා ආණ්ඩුව දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ කලහොත් අඛන්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවද වෘත්තිය සමිති අවධාරණය කර සිටිති.

සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය, විදුලි, වතු, තැපැල්, සමුර්දි, බැංකු කම්කරු ආදී වර්ජනය සඳහා වෘත්තීය සමිති 1000කට ආසන්න සංඛ්‍යාවක් මෙම වැඩවර්ජනය සඳහා සහභාගි වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements