Featured News

Video Gossip

Advertisement

මයිනාගෝගම සහ ගෝඨාගෝගම අරගලකරුවන්ට පහරදුන් සැකකරුවන් සෙවීමට පොලිසිය මහජන සහය පතයි

කොල්ලුපිටිය මයිනාගෝගමෙහි සහ ගාලු මුවදොර ගෝඨාගෝගමෙහි පසුගිය 9 වන දා සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලට අදාළව සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීමට පොලිසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටින බව ය.

එම පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් අතතොත් පහත දැක්වෙන දුරකතන අංක වෙත ලබා දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා ඇත.

071 859 4901
071 859 4915
071 859 2087
071 859 4942
071 232 0145
011 242 2176

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements