Advertisement

මිලියන 75 ක වත්කම් උපයා ගත්තේ කෙසේද ? 
විමල්ට එරෙහිව අධිචෝදනා

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ අධිචෝදනා කියවීම අද සිදු කෙරිණි. මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ මෙම නඩුව කැඳවා තිබූ අතර නීතිපති දෙපාර්තමේන්තුව විසින් සංශෝධිත චෝදනා පත්‍රයක් ගොනුකර තිබෙනවා.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ 2010-15 සමයේදී ඇමති ධුරයට අදාල වැටුපෙන් සහ වෙනත් වත්කම්වලින් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික දේපල හිමිකාරීත්වයක් දැරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් මෙම නඩුව ගොනුකර තිබිණි.

අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකාර විමල් වීරවංශ මහතා සඳහන් කළේ එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවයි.

නඩුවේ වැඩිදුර විභාගය කල් තබමින් ජුනි මස 28 වැනිදා නඩුව යළි කැඳවීමට මහාධිකරණය තීරණය කළේය.

LNW

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements