Advertisement

පොහොට්ටුවේ සහාය ඩලස්ට - සභාපති ජී.එල් කියන කතාව 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහාය දිය යුත්තේ, පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවසයි.

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බව ද ඔහු සඳහන් කළේය.

ලබන විසිවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය පීරිස් ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බව සඳහන් කළේය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම කීවේය.

කෙසේවුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මිට ස්වල්ප මොහොතකට පෙර පැවසුයේ, ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (15) පැවැති සාකච්ඡාවකදී ඒ බව තීරණය කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිවේදනය කිරීමත් සමග මෙම තීරණයට සිය පක්ෂය එළඹුණු බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements