Advertisement

රංජන් රාමනායකට නිදහස
ජනපති තීරණය කරයි

සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමේ ක්‍රියාදාමය වේගවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සවස පැවති අතර, කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා සහ මනුෂ නානායක්කාර ඇමැතිවරයා ගොස් ජනාධිපතිවරයා හමුවී ඇත.
රංජන් රාමනායකට නිදහස ලබාදීම පිළිබද ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇත. එම ස්ථානයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ද පැමිණ ඇති අතර, රංජන් රාමනායක නිදහස් කිරීමට අදාල සියලුම ලේඛන සකස් කර අවසන් බව පවසා තිබේ.

ඒ අනුව ගත යුතු ඉදිරි නීතිමය පියවර කඩිනමින් ගෙන රංජන් රාමනායක නිදහස් කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements