Advertisement

ආණ්ඩුවට යනවාදැයි කියන ආර්ථිකය හදන සැලසුම හර්ෂ එලිදක්වයි

‘ආර්ථිකය හදන වැඩපිළිවෙළ අද මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒකට සියළු දේශපාලන නායකයින් අවංකවම කැපවෙන්න’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙසේ අදහස් පල කරන ලදී.

“රටේ ආර්ථිකය ගොඩනගන දෙස් විදෙස් විශ්වාසය දිනාගත හැකි ආර්ථික වැඩපිළිවෙළක් මා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය මා සකස් කළේ මාස ගණනාවක් පුරා විද්වතුන්, විශේෂඥයින්, වෘත්තිකයින්, දේශපාලකයින් සහ සාමාන්‍ය ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි. ඒ සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල අනුමැතියත් ලැබී තිබෙනවා. මෙය කෙටිකාලීන වැඩපිළිවෙළක්.
ඒ තුළින් රටේ ආර්ථිකය නිවැරදි මාවතට ගෙන පසුව දේශපාලන පක්ෂ ලෙස අපිට මැතිවරණයකට යා හැකියි. මා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ වැඩපිළිවෙළ අනුගමනය කළ හැකියි. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන නායකයින්ට අවංකව සහයෝගය ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එවැනි සහයෝගයක් ලබාදෙන්නේ නම් අපිට දෙස් විදෙස් විශ්වාසය දිනාගනිමින් මේ අභියෝග ජයගැනීමට හොඳ පදනමක් හදන්න පුලුවන්.

එහෙම නැතිව ඇමතිකමක් ගන්න ආණ්ඩුවට යන්න මට අවශ්‍ය නෑ. මම එහෙම කරන්නෙ නැත්තේ ඒකෙන් මේ ආර්ථික අර්බුදය විසඳන්න බැරි නිසා. මේ අවස්ථාවේ රට වෙනුවෙන් මේ ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එක්වන ලෙස මා පාර්ලිමේන්තුවේ සියළුම දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements