Featured News

Video Gossip

Advertisement

ජැක්සන්ව බලන්න මහින්ද ජාතික රෝහලට ඇවිත්

රිය අනතුරක් හේතුවෙන් බරපතළ තුවාල ලබා මේ වන විට රෝහල්ගත ව ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා (11) දිනයේ කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

එහිදී රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනී මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ඔහුගේ පවුලේ අය සමඟ දීර්ඝ වෙලාවක් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජැක්සන් ඇන්තනී මහතාව සුව කර ගැනීම සඳහා හැකි සෑම උපකාරයක්ම ඉටු කිරීමට තමන් සූදානම් බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පවුලේ සාමාජිකයන් හට අවධාරණය කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ ජාතික රූපවාහිනියේ විකාශයවූ වැඩසටහනක විනිශ්චය මණ්ඩලයේ සිටි ජැක්සන් ඇන්තනී මහතා මහින්ද රාජපක්ෂ යනු බුදුන්ගේ නෑයෙකු බව ප්‍රකාශ කළා.

මෙම ප්‍රකාශය දැඩි ආන්දෝලනයට තුඩුදුන් අතර කලා ක්ෂේත්‍රය තුළ ඔහුට විරෝධයක්ද එල්ල වුණා.

පසුගිය ජූලි මස 02 වැනි දා අනුරාධපුර – තලාව මාර්ගයේ දී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තවත් තිදෙනෙක් ගමන් ගත් කැබ් රථය අනතුරට ලක්වුණා.

අනතුරින් තුවාල ලැබූ ඇන්තනී මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කළ අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට රැගෙන එනු ලැබූවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements