Advertisement

ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවක් නිසා ලොවම කැළ‌ඹෙයි (VIDEO)

ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරින් (Sanna Marin) සිය සහෝදර දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් පිරිසක් සමග සාදයක ​​යෙදෙන වීඩියෝ දර්ශනයක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඒ හේතුවෙන් ඇය දේශපාලනිකව පසුබෑමකට ලක්ව ඇති බව ය.

බදාදා (අගෝ. 17) සමාජ මාධ්‍යවලට මුදා හැර ඇති එම දර්ශනවල පුද්ගලික නිවසක පැවති සාදයක මරින් සහ තවත් පස් දෙනෙකු නටමින් සහ ගීත ගායනා කරන ආකාරය පෙන්නුම් කරන බව එම වාර්තාවල සඳහන් වේ.

එක් අවස්ථාවකදී, 36 හැවිරිදි මරින්, ඇගේ දෑත් හිස පිටුපසට තබා, නටමින් සහ ගීතයක් ගායනා කරමින් සිටිනු දක්නට ලැබේ.
ෆින්ලන්ත මාධ්‍ය වාර්තාවලට අනුව, සාදයට සහභාගි වී සිටින වෙනත් අයෙකු ෆින්ලන්ත භාෂාවෙන් “flour gang” යන අරුත ඇති “jauhojengi” ලෙස පසුබිමෙන් කෑ ගසන අයුරු දක්නට ලැබුණු බව දැක්වේ. එය කොකේන් සඳහා ද භාවිත වන නාමයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම දර්ශන සම්බන්ධයෙන් අදහස් දක්වමින් මරින්ගේ දේශපාලන විරුද්ධවාදීන් ඉල්ලා ඇත්තේ, ඇයට ස්වේච්ඡා මත්ද්‍රව්‍ය පරීක්ෂණයකට භාජනය වන ලෙස ය.

විරුද්ධ පක්ෂ නායිකා රීක්කා පුරා ප්‍රකාශ කර ඇත්තේ, අගමැතිවරයා මත “සැකයේ සෙවනැල්ලක්” වැටී ඇති බව ය.

කෙසේ වෙතත්, මත්පැන් හැර තමන් කිසිදු නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් නොගත් බව ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මරින් සඳහන් කර ඇත.

සාදයේ දර්ශන ප්‍රසිද්ධියට පත්වීම ගැන “කලකිරීමට” පත් වූ බව ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

“මට පවුල් ජීවිතයක් තියෙනවා. මට රැකියා ජීවිතයක් තියෙනවා. මට මගේ මිතුරන් සමග ගත කිරීමට නිදහස් කාලයක් තිබෙනවා. මම බොහෝ දුරට මගේ වයසේ අනිත් අය වගේ ම තමයි. මම මේ දක්වා සිටි ආකාරයට ම ඉන්නවා. ඒක පිළිගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

2019 වසරේ දෙසැම්බර් මාසයේදී මරින් ෆින්ලන්තයේ ලාබාලතම අගමැති බවට පත් විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements