Advertisement

යාල වැනසුවේ අමරවීගේ අයියගෙ පුතා, රෝහිතගේ බෑණා හා බිත්තර පුත්තු

යාල ජාතික වනෝද්‍යානය තුළ ජීප් රථවලින් යකා නැටුවේ මහින්ද අමරවීර අමාත්‍යවරයා ගේ සහෝදරයාගේ පුත්‍රය සහ රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා ඇතුළු පිරිසක් බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා හෙළිකරයි.
සල්ලි වලට ගන්න දෙයක් නැති කුරුණෑගල බිත්තර ව්‍යාපාරිකයන්ගේ පුත්‍රයන් පිරිසක්ද ඒ සදහා එක්ව සිටි බව ද හෙතෙම පැවසීය.
මෙය මාධ්‍යවලට නොපවසන්නයි තමන්ද මුදලට බා ගැනීමට ඔවුන් උත්සාහ කළ බවද පැවසූ ඔහු වනජීවිය සහ පොලිසිය බිත්තර ව්‍යාපාරිකයන්ගේ මුදලට යට වූ බවද සදහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඇත්තටම වාහනවල ගිය පිරිස නොව වෙනත් පිරිසක් බවද පවසන ඔහු මෙම වරද වලට අවුරුදු දහයකට වැඩි සිරදඬුවම් නියම කළ හැකි බව ද කියා සිටියි.
මීට පෙරද අමාත්‍ය අමරවීරගේ වාහනයට මුවෙකු හැපුණු බවත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ වාහනයේ කොටියෙකු හැපුනු බවත් එම සිදුවීම් වනජීවිය විසින් යටගසා ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements