Featured News

Video Gossip

Advertisement

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිය පුත්‍රයා සමග නකල්ස් රක්ෂිතයේ 
වැලිවිට සරණංකර සඟරජ හිමියන් වැඩ විසූ ස්ථානයක් වනසා දමා හෝටලයක් හදන බවට චෝදනා

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා ලෝක උරුමයක් මෙන්ම පරිසර සංවේදී කලාපයක් වන මාතලේ නකල්ස් රක්ෂිතයේ රත්කිඳ ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයක් ඉදි කරන බවට තොරතුරු අනාවරණය වන බව අරුණ පුවත්වත වාර්තා කර තිබේ.

ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන්ද ජලාශයට ජලය සපයන ප්‍රධාන මූලාශ්‍රය දෙකෙන් එකක් වන තේලගමුව ඔය ගලා යන අතර, දීර්ඝ කාලීනව කෘෂිකාර්මික කටයුතුවලට ජලය සපයන කටුපොල්ලන්ද කටුකිතුලේ ඇළ පිහිටා තිබේ.
ඔයට මීටර් 100ක් පමණ නුදුරින් හෝටලයේ ඉදි කිරීම් සිදු වන අතර, එහි සිට සංචාරකයන්ටඔයට යෑමට ගල් ඇතිරූ පඩිපෙළ සහිත මාර්ගයක්ද සැකසෙමින් පවතී. මේ ප්‍රදේශය වැලිවිට සරණංකර සඟරජ හිමියන් දිය නෑ තොටක් ලෙස ඇටම්වල ගම්වැසියන් විශ්වාස කරන අතර, ඒ ආශ්‍රිතව ඔවුහු කිරි ඉතිරවීමේ මංගල්‍යයක්ද පවත්වයි.

සංචාරකයන් ගැවසෙන්න පටන් ගත් කල මේ සංස්කෘතික අගයන්ට හානි පැමිණිය හැකි බව ඔවුන්ගේ අදහසයි. ඒ අතර මේ මාර්ගයේ ඉදිකිරීම්වලදී ඔයේ ජල පෝෂක ප්‍රදේශයටද හානි වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

හෝටල් සංකීර්ණයට ළඟා වීම සඳහා අඩි 6ක් පළල, මීටර් 500ක දිගින් යුත් ප්‍රවේශ මාර්ගය නිම වෙමින් ඇත්තේ කටුකිතුලේ ඇළ හරහා බුලත්වැල්හේන මැදින් වන අතර මේ වන විට එහි මීටර් 200ක පමණ කොටසක වැඩ අවසන්ව පවතී. මේ ඉදිකිරීම් නිසා ඇළ ඉවුරුවල ස්වාභාවික ගල් පවා ඉවත් කරනු ලැබ ඇති අතර එමඟින් ඇළ ඛාදනය වීමක්ද රොන් මඩ ගලා යෑම නිසා තේලගමු ඔයේ ජල දූෂණයකද අවදානම පවතී.

කුඹුරු හිමියන්ට විවිධ උපකාර කර, කුඹුරු කරා හොඳ පිවිසුම් මඟක් සකසා දෙන බව ඒත්තු ගන්වා ඔවුන් ලවා පල්ලේගම ප්‍රාදේශීය ලේකම්වරයා වෙතින් ගත් අවසරයක් හැරෙන්නට ප්‍රදේශයේ භූ දර්ශනයට අනුව මධ්‍යම පරිසර අධිකාරියෙන්, වන සංරක්ෂණ අධිකාරියෙන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිසිදු නෛතික අවසරයක් මේ හෝටල් සංකීර්ණයේ හිමි කරුවන් ලබා ගෙන නැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements