තිළිණි කොටිපතියන්ට දුන් නිළියන් තුනක් CIDයට - නිළියකට ගාන මෙන්න - Hot Gossip Lanka Story
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ මුල්‍ය ආයතනයක් පවත්වා යමින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙකු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මෙම නිළියන් සමඟ පැවැති සබඳතා හෙළි වී ඇත.
මෙම මූල්‍ය සමාගමට මුදල් ආයෝජනය කළ කෝටිපති පුද්ගලයන් මුදල් ඉල්ලා සිටින අවස්ථාවල දී ඇය ඔවුනට මෙම නිළියන් සම්බන්ධ කර ඇතැයිද හෙලි ව ඇත.
එම කෝටිපතියන් සමග අදාළ රංගන ශිල්පිනියන් සිදුකරන සංවාද පටිගත කර ඒවා ව්‍යාපාරිකයන්ට පෙන්වා ඔවුන් බිය පත් කර තිබේ.
ඒ සඳහා ආ රංගන ශිල්පිනියකට එක් අවස්ථාවක් සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් මුදල් ගෙවා ඇත.
අදාල සංවාද හඬපට ව මේ වන විට රහස් පොලිසිය භාරයේ පවතී.

