Advertisement

තිළිණි ප්‍රියමාලිගේ ගණුදෙනුවලට 
CIDය සේමිණිගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

මහා පරිමාණ මුදල් වංචාවකට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඒ. ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය.ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ එම දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව ය.

ඇය සිය සැමියා සමග ප්‍රකාශයක් ලබා දීමට පැමිණ සිටියා ය. ඇගේ සැමියා ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස රාජකාරි කරන්නෙකි.


විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා ඇතුළු නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබිණි.

තිළිණි ප්‍රියමාලි සමග චිත්‍රපට නිළියගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් ද රහස් පොලිස් නිලධාරීන් ඇගෙන් ප්‍රශ්න කර ඇත.

ප්‍රශ්න කිරීමේදී ඇය තිළිණි සමග කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්‍ෂේප කර ඇති බව ත් වාර්තා විය.

මේ අතර, තවත් නිරූපිකාවකට සහ නිවේදිකාවකට තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශ ලබා දීමට රහස් පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වා තිබුණත් ඔවුන් ඊයේ වන තුරු රහස් පොලිසිය හමුවේ පෙනී සිට නැත.

තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 2දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements