Advertisement

සතියක රෙදි එක පාර සෝදන්න කියා 
ඇමති හඳුන්නෙත්තිV8 රථයෙන් පොළොන්නරු ගිහින්
සමාජ මාධ්‍ය, ජනතාව අතර දැඩි විවේචනයක්

පොළොන්නරුව, මාර්තු 28 – කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වීම සඳහා V8 එන්ජිමකින් යුත් සුඛෝපභෝගී රථයකින් පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වීමත් සමග දැඩි මහජන විවේචනයක් ඇති වී තිබේ.

බලශක්ති අර්බුදය මධ්‍යයේ ඉන්ධන ඉතිරිකර ගැනීම සඳහා ජනතාවට ගමන් බිමන් සීමා කරන ලෙසත්, දින තුන හතරකට වරක් රෙදි සෝදන යන්ත්‍ර භාවිතා කරන ලෙසත් අමාත්‍යවරයා විසින් මීට පෙර මහජනතාවට උපදෙස් දී තිබුණි. එවැනි පසුබිමක අධික ඉන්ධන පරිභෝජනයක් සහිත වාහනයක් අමාත්‍යවරයා විසින්ම භාවිතා කිරීම ප්‍රශ්න කරමින් ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ තම අදහස් පළ කර ඇත.

ජනාධිපතිවරයාගේ පෙර ප්‍රකාශය ද සිහිපත් වෙයි
ගිය මාසේ තෙල් ලීටර් 40ක් ගැහුවා නම් මේ මාසේ 30ට අඩු කරන්න

“ජනතාවම තෙල් භාවිතය අඩු කරන්නවානම් QR ඕන නෑ…


ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය අඩුකරගන්නේ නම් QR පද්ධතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, විදුලි පරිභෝජනය අවම කිරීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම මගින් ජනතාවට ඉන්ධන භාවිතය අඩුකරගැනීමට හැකි බවයි.
මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ඉදිරි සති කිහිපය

ශ්‍රී ලංකාවට තීරණාත්මකයි
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර අනතුරු අඟවයි


මැදපෙරදිග ප්‍රදේශයේ මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාව සඳහා තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

එම තත්ත්වය හේතුවෙන් රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී ප්‍රමාදයන් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

“වර්තමානයේ ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණය නිසා නැව් ගමනාගමනයටත් ගුවන් යානා ගමනාගමන කටයුතුවලටත් සීමාවන් පනවලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරපු අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාද වීමට ඉඩ තියෙනවා,” යැයි ඔහු ප්‍රකාශ කළේය.
සරලභාවය ප්‍රශංසා කළ කතානායකට නිවාස දෙකක්?

ලේකම් එක්ක ලොරිස් පාරේ නිවාස දෙකකට එයි…!

කතානායක ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන දෙදෙනාට රජයේ නිවාස දෙකක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කළ බව පැවසෙන ලිපි දෙකක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව වාර්තා වෙයි.

එම ලිපි අනුව, නිවාස දෙකම කොළඹ ලොරිස් මාවතේ එකම නිවාස පරිශ්‍රයකින් වෙන්කර ඇති බව සඳහන් වේ. කතානායකවරයාට නිල නිවසක් හිමි වුවද, ඔහු එය දැනට භාවිත නොකරන බවද පැවසේ.

ලංකා විදුලිබල මණ්ඩලය
වාර්තාවෙන් හෙළිවේ
බාල ගල්අඟුරු නිසා කෝටි 767ක පාඩුවක්!

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යටිතල පහසුකම් සහ ක්‍රමෝපායික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කළ නිල ලිපියකට අනුව, ලක්විජය බලාගාරය සඳහා ලබාගත් බාල ගුණාත්මක ගල්අඟුරු නැව්වාර 8ක් හේතුවෙන් රුපියල් මිලියන 7,672.1ක (කෝටි 767කට ආසන්න) සෘජු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව අනාවරණය වී ඇත.
 
නැව්වාර අනුව අලාභ විස්තර

වාර්තාව අනුව සෘජු අලාභය නැව්වාර අනුව වෙනස් වන අතර, 8 වන නැව්වාරය තුළ පමණක් රුපියල් මිලියන 1,559.3ක අලාභයක් වාර්තා වී ඇත. සමස්ත අලාභය ගණනය කර ඇත්තේ බාල ගුණාත්මක ගල්අඟුරු භාවිතය හේතුවෙන් විදුලි ජනන ධාරිතාව අඩුවීම පදනම් කරගෙන වන අතර, විදුලි ඒකකයක පිරිවැය රු. 57.53 ලෙස සලකා ඇත.
 
වාහන මිල ඉහළ යනවා කියන කතාව බොරුවක්
අලුත් බද්දක් නෑ - වාහන මිළ ඉදිරියේදී පහල යනවා මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

වාහන ආනයනය සඳහා බදු වැඩි කිරීමක් සම්බන්ධයෙන් මෑතකදී කරන ලද ප්‍රකාශ, මහජන බියක් ඇති කිරීම සඳහා විකුණුම්කරුවන් විසින් භාවිතා කරන බොහෝ දුරට නොමඟ යවන උපක්‍රම බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැහැදිලි කර තිබේ.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැහැදිලි කළේ, අලුත්ම බද්දක් හඳුන්වා දීමට වඩා, රජය සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද (SSCL) සඳහා එකතු කිරීමේ ස්ථානය විකුණුම් ස්ථානයේ සිට ආරම්භක රේගු අදියර දක්වා මාරු කර ඇති බවයි.
විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කර බලය ගත්තට පාලකයන්ට අත්දැකීම් නෑ… 
මහානාහිමිවරුන්ට හැමදේටම මැදිහත් වෙන්න වෙලා…!
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

වර්තමාන රජය බලයට පත්වූයේ උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට සාධාරණය ඉටුකරන බවට ප්‍රතිඥා ලබාදෙමින් වුවද, බලයට පත්වීමෙන් පසු ඒ පිළිබඳ සංවේදීතාවකින් තොරව කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි පවසයි.

එහිමියන් මේ බව ප්‍රකාශ කළේ, සංවර්ධන නිලධාරීන් වර්තමානයේ මුහුණ දී ඇති වෘත්තීය ගැටලු පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේය.

ළූණු මැනිල්ල අවුලක
සතොස සභාපති ඉල්ලා අස්වෙයි.


ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ඉල්ලා ඇති බවට ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.

එහි නායක අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ සතොස ආයතන විසින් ලොකු ළුනු මිලදීගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් මත ඔහු මෙම පියවර ගෙන ඇති බවයි.
මාරාන්තික මී උණ රෝගයකට දරුවන් ගොදුරුවීමේ ප්‍රවණතාවයක්

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය.

ද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය.
පාතාලය කැලඹුනාට ජාතික ආරක්ෂාවට ප්‍රෂ්ණයක් නෑ 
ආරක්ෂක ලේකම් කියයි

ජාතික ආරක්ෂාවට මේ වනවිට කිසිදු ප්‍රශ්නයක් එල්ල වී නොමැති බව ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසයි.

චීනය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ආධාර පිරිනැමීමේ නිල උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියේය.
කොළඹ - බදුල්ල බස් රථයේ පොල් ⁣පැටෙවුවාට
අධිකරණයෙන් දුන් නියෝගය

බදුල්ල – කොළඹ මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථයක නියමිත ප්‍රමාණයට වඩා මගීන් ගෙනගිය බස් රථයේ රියැදුරුට රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගෙවන ලෙස බළන්ගොඩ මහෙස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය.

ඕපනායක පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො.ප. ජයන්ත මහතා ඇතු
සරාගී චූලක්ෂිගේ අලුත්ම ඡායාරූප පෙලක් සමාජ ජාලා දෙවනත් කරයි  

පසුගිය කාලයේ දිගින් දිගටම සමාජ ජාලාවල කතාබහට ලක්වුණු සුරූපිනියන් අතර චූලක්ෂි රණතුංග ඉදිරියෙන්ම ඉන්නවා.

ඇය සරාගීත්වයෙන් ඉහලින්ම සිටින ලාංකීය සිනමා නිලියක් කිවුවොත් නිවැරදියි.
ප්‍රාඩෝවක් නිසා මාලිමා මන්ත්‍රීගේ සහ මන්ත්‍රීවරියගේ අනියම් පෙම් පලහිලවුව ලීක් වෙයි.
ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.
හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් 
CIDයට පැමිණිලි   

ව්‍යජ හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත් දෙකක් භාවිතා කරමින් හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක සුජීව ද සිල්වා සිදුකොට ඇති වංචනික ක‍්‍රියාවන් පිළිබ`ද විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්ථමේන්තුව යටතට.

792200850V දරණ අංකය යටතේ ඇති හැදුනුම්පතට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1979 වසරේ අගෝස්තු මස 07 වන දිනයි එම හැඳුනුම්පත නිකුත්කර ඇත්තේ 1995 වසරේදී වන අතර ඔහුගේ ක්‍‍්‍රීඩා කටයුතු වෙනුවෙන්ද එය එය භාවිතා කර ඇති බව පැමිණිළි කරු පෙන්වා ‌‌දී ඇත‍.

බැංකු පද්ධතිය අවදානමෙන් මුදවා ගැනීමට ලංකා බැංකු සේවක සංගමය ජනපතිට ලියයි.

බැංකු පද්ධතිය අවදානමෙන් ගලවා ගැනීමට 2024.12.15 දක්වා තාවකාලිකව අත් හිටුවා ඇති පරාටේ නීතීය නැවත බල ගන්වන ලෙස ලංකා බැංකු සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි.

ලංකා බැංකු සේවක සංගමය 2024.11.06 වන දින ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් 2024.12.15 දක්වා පසුගිය රජය මගින් තාවකාලිකව අත් හිටුවා ඇති පරාටේ නීතිය නැවත බල ගන්වන ලෙස ඉල්ලා ඇත.

රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට

රනිල් වික්‍රමසිංහ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවන ඇති නායකයෙක් බව නොරහසක්. දේශපාලන මතවාදය කෙසේ වූවත් දේශපාලනයේ හැසිරවීම ගැන ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.

ඔහු කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැව​තත් පණ ගැහෙන තැනක් බවට අවසානයේ පත් කරමින්, වර්ථමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කලේ ද, "මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවා ගේ වගකීම අද සිට ඔබට භාරයි" යන්නයි.
වෙලාවට මිස් වුනා..අපි හැදුවෙත් බංගලාදේශයේ වගේ මෙහේ අරගලය ඉදිරියට ගෙනි යන්නයි- ලාල් කාන්ත

බංගලාදේශ අරගලය මෙන් මෙරට පාර්ලිමේන්තුවද අල්ලා ගැනීම සඳහා පහුගිය අරගල සමයේ අවස්ථාවක් තිබූ බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.
රාජපක්ෂලා රනිල් සමග දැඩි විරසකයක් - පොහොට්ටු මන්ත්‍රීවරු ඇමැති ධූරවලින් දොට්ට දමන්නට සැරසෙයි.
පොහොට්ටුව තුළ ඇතිවී තිබෙන බෙදීම මත අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට ධුරවලින් ඉවත් වීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් වන කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ද ඉඩක් ඇති බවයි.
දෙරණේ දිල්කාගේ පියා පියා අනුර සමග
මුහුණු පොතේ පත්තුවූ පොස්ටුවට දිල්කාගෙන් හෙලිදරවුවක්..

ටීවී දෙරණහි ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ ජාල ගැනීමේ පළ කළ පින්තූරයකට ඉහළ ප්‍රතිචාර හිමි වී තිබේ.

ඒ ඇය තම පියාගේ උපන් වෙනුවෙන් පළ කළ පින්තූරයකටය.
ආදරවන්තයන් යා යුතුම ආදරණීය සංචාරය ස්ථානය ආදර කන්ද 

සංචාර කරන්න කැමැති ඔයාට අද කියන්නේ යන්නේ ආදරණීය සංචාරයක ස්ථානයක් ගැනයි. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පිහිටි හරි අපූරු සංචාරක ස්ථානයක් වන පරවියන් ගල හෙවත් ආදර කන්ද ගැන. ක්ෂණිකව වෙනස් වන හරි අපූරු දේශගුණයක් පවතින ආදර කන්දේ කතාව සංචාරයට ප්‍රියකරන ඔයාට ගොඩක් වැදගත් වේවි. රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය ප්‍රදේශයේ තමයි මේ සොදුරු සංචාරක ස්ථානය පිහිටා තිබෙන්නේ. මේ කන්දට සමීපයෙන් සබරගමු විශ්වවිද්‍යාලය වගේම සමනල වැව පිහිටා තිබෙනවා.

මේ පරවියන් ගලට ආදර කන්ද කියලත් කියනවා. නමුත් පරවියන් ගලට මේ අපූරු නම ලබා දී තිබෙන්නෙත් සබරගමු විශ්වවිද්‍යාල සිසුන් කියලා තමයි දැනගන්න ලැබුණේ. මොකද පේරාදෙණි විශ්වවිද්‍යාල සිසුන්ට හන්තාන කන්ද වගේ සබරගමු විශ්වවිද්‍යාල සිසුන්ට මේ ආදර කන්ද හරිම සමීපයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements