Featured News

Video Gossip

Advertisement

ධනුෂ්ක ගුණතිලකට ඇප හිමිවෙයි
ධනුෂ්ක ගුණතිලක සහ තරුණිය අතර සිදුවූ දේ ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු


කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය ඇප ලබා දී තිබේ.

ඔස්ට්‍රේලියානු මාධ්‍ය මේ බව වාර්තා කර ඇත.

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට එරට අධිකරණය පසුගිය දා ප්‍රතික්ෂේප කර තිබිණි.

අනතුරුව ඔහු දෙවන වරටත් ඇප ඉල්ලා තිබුණු අතර දින 11ක් සිරගතව සිටි ඔහුට අද (නොවැ. 17) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ පැවති නඩු විභාගයකින් පසු ඇප නියම විය.ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (31) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ නොවැ. 6 අලුයම් කාලයේදී ය.

සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී සිදු වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.ධනුෂ්ක ගුණතිලක සහ තරුණිය අතර සිදුවූ දේ ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු

මෙම නඩුව වාර්තා කිරීම ඇතැම් මාධ්‍යවලට වාරණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පොලිසිය පසුගියදා  ඉල්ලීමක් කර තිබූ අතර මාධ්‍ය ආයතනවල අභියෝග කිරීම් හමුවේ එය ඉවත් කර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

පොලිස් වාර්තා අනුව, ධනුෂ්ක ගුණතිලක, 29 හැවිරිදි අදාළ තරුණිය Tinder යෙදුම හරහා හඳුනාගෙන ඇති අතර Instagram සහ WhatsApp ඔස්සේ කතාබහ කර ඇති බවත්, වීඩියෝ ඇමතුම් ද ලබාගෙන ඇති බවත් හෙළි වී තිබේ.

අධිකරණ වාර්තාවේ දැක්වෙන්නේ, ඔවුන් දෙදෙනා අදාළ සිද්ධියට පෙර එකිනෙකා අඳුනාගෙන නොසිටි බවය.

ධනුෂ්ක ගුණතිලක, අදාළ තරුණියට බ්‍රිස්බේන් වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති අතර නොවැම්බර් 2 වන දා සිඩ්නි නුවර ඔපෙරා බාර් නමැති ස්ථානයකදී මුණ ගැසීමට එකඟ වී ඇතැයි පොලිසිය චෝදනා කරයි.

ධනුෂ්ක ගුණතිලක එම ස්ථානයට ගොස් ඇත්තේ, රාත්‍රී 8.20ට පමණ ය.

පොලිසිය පවසන්නේ, එහිදී ධනුෂ්ක සහ තරුණිය මත්පැන් පානය කර තවත් ආපන ශාලාවකට ගොස් යළිත් මත්පැන් පානය කර රාත්‍රී 10.50ට පමණ යාත්‍රාවකට නැගී ඇති බවය.

එහිදී සැකකරු තරුණියට යම් බලහත්කාරකම් කර ඇති බවත්, පසුව ඇයගේ ගෙළ තද කරගෙන ඇයට ලිංගිකව අතවර කර ඇති බවත් පොලිස් වාර්තාවේ සඳහන් වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements