ධනුෂ්ක ගුණතිලකට ඇප දෙන්න සිඩ්නි අධිකරණය දැමූ වාරණ මෙන්න - Danushka Gunathilaka : Dating Apps
Danushka Gunathilaka
,
Dating Apps
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot new
,
hot news
,
News
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට සිඩ්නි අධිකරණය ඇප ලබා දුන්නේ ය.
ඒ, ඔහු තම ඇප කොන්දේසි සමාලෝචනය කරන ලෙස ඉල්ලා සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව ය.
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවකට නොවැ. 6 සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීමට එරට අධිකරණය පසුගිය දා ප්‍රතික්ෂේප කර තිබිණි.
දින 11ක් සිරගතව සිටි ඔහුට අද (නොවැ. 17) ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවියේ පැවති නඩු විභාගයකින් පසු ඇප නියම විය.
දිනපතා ඊස්ට්වුඩ් පොලිසියට වාර්තා කිරීමටත්, රාත්‍රී 9 සිට උදේ 6 දක්වා ඇඳිරි නීතිය පිළිපැදීමටත්, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය භාර දීමත් යන ඇප කොන්දේසි මත ඔහු මුදා හැර ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.
තව ද ඔහුට Tinder හෝ වෙනත් dating app එකක් භාවිත කිරීමට අවසර නැති අතර, නීතිමය නියෝජිතයෙකු ඉදිරියේ පමණක් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ විය හැක.
එමෙන් ම, පැමිණිලිකාරිය සම්බන්ධ කර ගැනීම ද අධිකරණය මගින් ඔහුට තහනම් කර ඇත.
ඔහුගේ මුදලින් ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක් සහ මෙල්බර්න් කාන්තාවක් විසින් පිරිනමන ලද ඩොලර් 150,000ක් ඇතුළුව ඩොලර් 200,000ක ඇපයක් මත ඔහු මුදා හැර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක (31) ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගෙන තිබුණේ නොවැ. 6 අලුයම් කාලයේදී ය.
සිඩ්නිහි නැගෙනහිර ප්‍රදේශයේදී සිදු වූ බව කියන ලිංගික අතවරයක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

