හිරුනිකාට රහස් ප්‍රදේශ ගැන කතා නොකරන්නට සහ විරෝධතාවලදී පොලිස් නිලධාරීන් වැළදනොගන්නැයි සජබෙන් තහංචි
සමගි ජන බලවේගයේ කාන්තා අංශයේ ප්‍රධානී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ප්‍රසිද්ධියේ රහස් ප්‍රදේශ පිලිබදව කතා නොකරන ලෙස සජබ නායකත්වය විසින් දැනුම් දී ඇති බව එම පක්ෂ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කර සිටියි .
විශේෂයෙන්ම පක්ෂ කාර්‍යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවලදී, පක්ෂය විසින් සංවිධානය කරන උත්සව හා රැස්වීම් වලදී,පක්ෂ නායකයාගේ හා පක්ෂ පසුබිම් තල ඇති අවස්ථාවලදී මෙසේ රහස් ප්‍රදේශ පිලිබදව කතා නොකරන ලෙස දන්වා ඇත.
පසුගිය කාලය පුරාම හිරුනිකා කතා කලේම රහස් ප්‍රදේශ හා සම්බන්ධිත කතා බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පෙන්වා දී ඇත.විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ ,උදය ගම්මන්පිලගේ රහස් ප්‍රදේශ පිලිබදව කතා ල බවත් මෑතකදී සුනඛයකු පිලිබද කතා කල බවත් රන්ජන්ගේ දුරකථන සංවාද පිලිබදවත් සමගි ජන බලවේග මන්ත්‍රීවරු නායකත්වයට පෙන්වාදී ඇත.
හිරුනිකාගේ මේ රහස් ප්‍රදේශ කතා නිසා සමගි ජන බලවේගයට ඉතා අවාසි සහගත තත්වයක් උදාවී ඇති බවද වැඩිදුරටත් පෙන්වා දී ඇත.හිරුනිකාට රහස් ප්‍රදේශ ගැන කතා කරනවානම් තමුන්ගේ ගෙදර හෝ පෞද්ගලික උත්සවයකදී කතා කරන ලෙසත් දන්වා ඇත.
එම විශ්වාසකටයතු ආරංචිමාර්ග පෙන්වා දෙන පරිදි විරෝධතාවලදී පොලිස් නිලධාරීන් සිප වැලද නොගන්නා ලෙසද පවසා ඇති බවටද වාර් තාවෙයි.

