Featured News

Video Gossip

Advertisement

බංකොලොත් වෙච්ච රටක දේශපාලන පක්ෂ වලට කොහෙන්ද මේ හැටි සල්ලි? 
මැතිවරණයට දැවැන්ත වියදම් කරන පක්ෂ වලිනුත් බදු අයකරන්න.

බංකොලොත් වෙච්ච රටක දේශපාලන පක්ෂ වලට කොහෙන්ද මේ ආකාරයෙන් මුදල් ලැබෙන්නේ කියන දේ සොයා බැලීම වගේම, මැතිවරණයට දැවැන්ත වියදම් කරන පක්ෂ වලිනුත් බදු අයකරන ලෙස සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් සමාජ සංවිධානයේ සභාපති පුලස්ති වන්නිආරච්චි මහතා ඉල්ලා සිටියා.

මීට මාස හයකට පෙර බංකොලොත් ලෙස ප්‍රකාශයට පත්වූ රටක මේ වනවිට දේශපාලන පක්ෂ කොපමණ ප්‍රමාණයක මුදලක් වියදම් කරනවාදැයි සොයාබැලිය යුතු බවත්, කෝටි ගණනින් ලක්ෂ ගණනින් වියදම් කොට ජනරැලි තිබෙන බවට ඒ මහතා පෙන්වා දෙන ලදී. ඉන්ධන, කිරිපිටි ටික දරුවන්ට ගෙනෙන්නට වගේම, ගෑස් ටික ගේන්නට මුදල් නොතිබුණ පසුබිමක රට පැවති බව වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් වල සහභාගීත්වයෙන් නිර්මිත මැතිවරණ වියදම් නියාමන පනත මේ වන විට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබුණත් එහි අඩංගු කරුණු වන
+ රාජ්‍ය ආයතන හෝ රාජ්‍ය සංස්ථා වල මුදල් භාවිතා කිරීමට නොහැකි බව.
+ විදෙස් රජයක්, ජාත්‍යන්තර ආයතන මුදල් යොදාගත නොහැකි බව.
+ තම අනන්‍යතාවය හෙළිකර නොමැති පුද්ගලයින්ගේ මුදල් යොදාගත නොහැකි බව සදහන් කර තිබෙන බවට සමාජය තවමත් නිසි ආකාරයෙන් දැනුවත් වී නැති බවයි පුලස්ති මහතා පෙන්වා දෙන්නේ.


එමෙන්ම මේ මුදල් පරිහරණය පිලිබවද දේශපාලන පක්ෂයේ මහ ලේකම්, සහ සෑම ස්වාධීන කණ්ඩායම් නායකයෙක්කුටම මැතිවරණ කොමිසමට ඉදිරිපත් කල යුතු බවට ප්‍රකාශ කොට ඇති බව පවසන ලදී.
එමෙන්ම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවත්වීමට ඡන්ද දායක එක පුද්ගලයකු වෙනුවෙන් යම් කොට්ඨාශයක තරඟ වදින අපේක්ෂකයකුට ප්‍රවර්ධනය සදහා වියදම් කල හැක්කේ රුපියල් 20ක මුදලක් බවට පුලස්ති මහතා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.
මේ වනවිට කොපමණ මුදලක් වියදම් කරනවාද? මේ මුදල් එන්නේ කොහෙන්ද යන්න හොයන්නට උවමනා බව පුලස්ති මහතා පෙන්වා දෙනු ලැබුවා. එමෙන්ම පුද්ගල බදු ක්‍රියාත්මක වන මේ මොහොතේ මෙම පක්ෂ සදහා බදු වදින්නේ කොහෙන්දැයි යන්න සොයාබැලීම වැදගත් බවට ඒ මහතා ප්‍රකාශ කර සිටියා.
මැතිවරණයක් පවති මේ අවස්ථාවේ රජය වගේම මැතිවරණ කොමිසම මගින් මහජනතාව, අපේක්ෂකයන් මෙන්ම දේශපාලන පක්ෂද දැනුවත් කිරීම වැදගත් බවට අවසන් වශයෙන් පුලස්ති වන්නිආරච්චි මහතා අදහස් දක්වමින් කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements