Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනෙකු සහ ජනාධිපති ආර්යාවකගේ නඩත්තුව සඳහා දැවැන්ත මුදලක්

හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනෙකු සහ ජනාධිපති ආර්යාවකගේ නඩත්තුව සඳහා 2023 වසර සඳහා අයවැය මගින් ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 844.6 ක් බව මහා භාණ්ඩාගාර වාර්තා අනුව හෙළි වේ.

ඒ අනුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහා රුපියල් ලක්‍ෂ 156.7 ක්ද, මහින්ද රාජපක්‍ෂ මහතාට රුපියල් ලක්‍ෂ 231.7 ක්ද, මෛත්‍රිපාල සිරිසේන මහතාට රුපියල් ලක්‍ෂ 231.7 ක්ද, ගෝඨාභය රාජපක්‍ෂ මහතාට රුපියල් ලක්‍ෂ 141.7 ක්ද, දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියට රුපියල් ලක්‍ෂ 82.8 ක්ද ලෙස අයවැය මගින් ඇස්තමේන්තු කර ඇත.

එහිදී ඔවුනගේ නිල නිවාස සහ වාහන සඳහා 2023 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ලක්‍ෂ 420 කි.

ඉන් ඔවුනගේ වාහන සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 370 කි.

2022 වසරේදී වාහන සඳහා වැයකර තිබුණේ රුපියල් ලක්‍ෂ 68 කි.

ඒ අනුව 2023 වසර සඳහා වාහන වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 302ක් අමතර වැයවේ.

ජනාධිපතිවරුන්ගේ වෙනත් දීමනා සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල ලක්‍ෂ 370 කි.

2022 වසරේ ඒ සඳහා වැයකර තිබුණේ ලක්‍ෂ 243 කි. ඒ අනුව 2023 වසර සඳහා එම මුදල ලක්‍ෂ 127 කින් ඉහළ ගොස් ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුනට සහ වැන්දඹු ජනාධිපති ආර්යාවට 2023 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සහ 2022 වසරේදී වැයකර ඇති මුදල් මෙසේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය විශ්‍රාම දීමනාව රුපියල් එකොලොස් ලක්‍ෂ හැත්තෑ දහසකි. (රු.1,170,000) වෙනත් දීමනා 2023 වසර සඳහා රුපියල් ලක්‍ෂ 35 කි. 2022 වසරේ හිමිව ඇති මුදල ලක්‍ෂ 30 කි.

නිල නිවාස නඩත්තුව සඳහා රුපියල් ලක්‍ෂ 10කි. 2022 වසරේදීද මෙම මුදල වැයකර තිබුණි.

වාහන සඳහා 2023 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 100 කි. 2022 වසරේදී වැයකර තිබුණේ රුපියල් ලක්‍ෂ 20 කි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ විශ්‍රාම දීමනාව රුපියල් එකොලොස් ලක්‍ෂ හැත්තෑදහසකි. (රු.1,170,000) වෙනත් දීමනා සඳහා ලක්‍ෂ 110 කි. 2022 වසරේ ඒ සඳහා වැයකර තිබූ මුදල රුපියල් ලක්‍ෂ 100 කි.

වාහන සඳහා 2023 වසර සඳහා රුපියල් ලක්‍ෂ 100 කි. 2022 වසර සඳහා වෙන්කර තිබුණේ ලක්‍ෂ 20 කි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශ්‍රාම දීමනාව රුපියල් එකොලොස් ලක්‍ෂ හැත්තෑදහසකි. (රු.1,170,000) වෙනත් දීමනා රුපියල් ලක්‍ෂ 110 කි. 2022 වසර සඳහා වැයකර තිබූ මුදල රුපියල් ලක්‍ෂ 100 කි.

වාහන සඳහා 2023 වසර සඳහා රුපියල් ලක්‍ෂ 100 කි. 2022 වසර සඳහා වෙන්කර තිබුණේ රුපියල් ලක්‍ෂ 20 කි.

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විශ්‍රාම දීමනාව රුපියල් එකොලොස්ලක්‍ෂ හැත්තෑ දහසයි. (රු.1,170,000) වෙනත් දීමනා රුපියල් ලක්‍ෂ 110 කි. 2022 වසර සඳහා වෙන්කර තිබුණේ රුපියල් ලක්‍ෂ 100කි. වාහන සඳහා රුපියල් ලක්‍ෂ 100 කි. 2022 වසර සඳහා වෙන්කර තිබුණේ රුපියල් ලක්‍ෂ 20 කි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ විශ්‍රාම දීමනාව රුපියල් එකොලොස්ලක්‍ෂ හැත්තෑ දහසයි. (රු.1,170,000) වෙනත් දීමනා රුපියල් ලක්‍ෂ 100 කි. වාහන සඳහා රුපියල් ලක්‍ෂ 20 කි.

හේමා ප්‍රේමදාස මහත්මියගේ විශ්‍රාම දීමනාව රුපියල් හත්ලක්‍ෂ අසූ දහසකි. (රු.780,000) 2023 වසර සඳහා වෙනත් දීමනා රුපියල් ලක්‍ෂ 15 කි. 2022 වසරේ වෙන්කර තිබුණේ රුපියල් ලක්‍ෂ 13 කි.

වාහන සඳහා 2023 වසරට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 50 කි. 2022 වසරේ ඒ සඳහා වැයකර තිබුණේ රුපියල් ලක්‍ෂ 08 කි.

– Divaina

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements