ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදක මුදිත විජේසුන්දර යුග දිවියට
දෙන්න තුන්දෙනා වේවා කියා ලහිරු මුදලිගේගෙන් සුභ පැතුම්
[PHOTOS]
අත පොවන මානයෙ අතීතයක ස්වර්ණවාහිනී නාලිකාව බිහි කරපු දක්ෂයෙක් තමයි මුදිත විජේසුන්දර කියන්නෙ . මුදිත වැඩසටහන් කීපයක් ම කළා.
අත පොවන මානයෙ අතීතයක ස්වර්ණවාහිනී නාලිකාව බිහි කරපු දක්ෂයෙක් තමයි මුදිත විජේසුන්දර කියන්නෙ . මුදිත වැඩසටහන් කීපයක් ම කළා.
නමුත් හිතට වැදුණු ඔහුගේ වැඩසටහන තමයි දුටු නුදුටු. අද ඔය ලංකාවේ ලෝකේ ඇවිදින වැඩසටහන් තියෙනවා පඳුරුවලට වඩා. ඒත් ඒ කාලේ එහෙම ඒවා කීපයයි තිබුණේ.
රූපරාමු පෙන්වනකොට ඒකට මුදිතගේ නිදහස් කටහඬ එක් වුණාම හරියට ඒ රූපරාමුවෙන් පෙන්වන තැන අපි ඉන්නවා වගේ ජීවමාන ගතියක් දනවන තරමට ඔහුගේ හඬ සජීවියි.
මුදිත කියන්නෙ වැඩි වැඩ නැති චාම් තරුණ නිවේදකයෙක් .ඉතින් ඔහුට අද විශේෂ දවසක්. ඒ් අද ඔහුගේ මංගල දිනය.
ලහිරු මුදලිගේනම් ඔහුට සුභ පැතුවෙ සුභ මංගලම් ඉක්මනින්ම දෙන්නා තුන්දෙනා වේවා කියලයි.
ගොසිප්99 අපිත් ඔහුට සුභ මංගලම් කියා සුභ අනාගතයකට අසිරි පතනවා..










