Featured News

Video Gossip

Advertisement

ඉන්දියාවේ කෙල්ලන්ගෙන් ආ ආදර යෝජනාවලට බෑ කියු තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංගගේ ආදර කතාව

ලෝක ක‍්‍රිකට් වාර්තා පොතේ ඉතාම කෙටි කලකින් වාර්තා රැසක් සටහන් කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක වනිඳු හසරංග පසුගිය බ‍්‍රහස්පතින්දා (9) ඔහුගේ ජීවිතයේ වඩාත් වැදගත්ම ඉනිමක් වන ‘විවාහ’ දිවිය ආරම්භ කල බව ගොසිප්99 අපි ඔබට පැවසුවා.

ඒ් පිලිබදව සති අන්ත පුවත් පතක පලවූ ලිපියක් පහතින්

වනිඳු විවාහ දිවියට පිවිසෙන මොහොත වන විටත් ලෝක ක‍්‍රිකට් පිටියේ වඩාත් ප‍්‍රචලිත සහ තරගකාරීම ක‍්‍රිකට් රටාව වන විස්සිය20 ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ලොව අංක එකේ පන්දු යවන්නාය. වනිඳු ලෝක විස්සයි20 තුන් ඉරියව් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේද සිව්වැනි ස්ථානයේ පසුවෙයි.ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ කඩවසම් ක‍්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් සිටින වනිඳුගේ සහකාරිය බවට පත්වූයේ හුරුබුහුටි තරුණියක් වන වින්ද්‍යා පත්මපෙරුමය.

දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචිකාරියක වන වින්ද්‍යා, බොරුල්ල සියලු ශාන්තුවරයන්ගේ විදුහලේ ආදි ශිෂ්‍යාවක වන අතර ඇය ක‍්‍රිකට් ක‍්‍රීඩාවට දැඩිව ඇළුම් කරන වනිඳුගේ ප්‍රේක්‍ෂිකාවකි.

ක‍්‍රිකට් තරග නැරඹීමට ඇළුම් කළ වින්ද්‍යා සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ කඩවසම් යොවුන් ක‍්‍රීඩක වනිඳු අතර ප්‍රේම කතාවට මේ වන විට වසර 10 කට ආසන්න ඉතිහාසයක් ඇති බවද වින්ද්‍යාගේ සමීපතයෝ පවසති.

ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ ද වඩාත් අවධානය දිනාගත් විදේශ ක‍්‍රීඩකයකු වන වනිඳුට, සුරූපී ඉන්දීය තරුණියන්ගෙන් ද විවාහ යෝජනා, එසේත් නැත්නම් ආදර සම්බන්ධතා සඳහා යෝජනා ගලා ආවද වනිඳු ඒවාට ප‍්‍රතිචාර නොදැක්වීය.

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩක වනිඳු සිය ශ්‍රී ලාංකික හුරුබුහුටි ප්‍රේමවන්තිය වූ වින්ද්‍යා සිය ජීවන සහකාරිය බවට පත්කර ගත්තේය.

‘‘වනිඳු ඇයට ගොඩක් ආදරය කරනවා. ඒ දෙන්නා අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. වින්ද්‍යාත් ඔහුට ගොඩක් ආදරෙයි.'' යැයි වනිඳුගේ සමීපතයෙක් ‘දේශය’ට පැවසීය.


ක‍්‍රිකට් පවුලක සාමාජිකයකු වන වනිඳුගේ වැඩිමහල් සොයුරු චතුරංග ද සිල්වා තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් ලෙස ජාතික ක‍්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති වනිඳු සහ වින්ද්‍යාගේ වර්ණවත් විවාහ මංගල උත්සවයට හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය ඇතුළු ක‍්‍රිකට් තරු රැසක් පැමිණ සිටියහ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම නවසීලන්ත සංචාරයට සහභාගි වී නොසිටියේ නම් වනිඳුගේ මංගල උත්සවය ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් පිරී ඉතිරී යනවාට සැක නැත.

නවසීලන්තයේ ටෙස්ට් තරගයට සහභාගි වන ක‍්‍රීඩකයන් ද තරගයේ පළමු දිනය අවසන් කර සිය සටන් සඟයාට, වනිඳුට සුබ පැතුම් එක්කළ බව නවසීලන්තයෙන් දැනගන්නට ලැබුණි.

ජාතික කණ්ඩායම නියෝජනය කරන කඩවසම් තරුණයන් වන අවිෂ්ක ප‍්‍රනාන්දු සහ අෂේන් බණ්ඩාර දෙපළ වනිඳුගේ ‘දෙවැනි මනාලයෝ’ වූහ.

එක්දින සහ විස්සයි20 කණ්ඩායම්වල නායක දසුන් ශානක සහ ඔහුගේ බිරිඳ, දුෂ්මන්ත චමීර, මහේෂ් තීක්‍ෂණ, චරිත් අසලංක, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ධනංජය ලක්‍ෂාන්, ජෙෆ්රි වැන්ඩසේ ඇතුළු ක‍්‍රීඩකයෝ සහ පුහුණුකරුවෝ රුසක් මංගල උත්සවයට සහභාගි වූහ.
 
හිටපු ක‍්‍රීඩකයන් වන සචිත‍්‍ර සේනානායක සහ අජන්ත මෙන්ඩිස් ද මංගල උත්සවයට පැමිණ සිටියහ.

වනිඳු සහ වින්ද්‍යාට 'දේශය' අපි සුබ විවාහ දිවියක් ප‍්‍රාර්ථනා කරමු.

 සටහන: යොහාන් භාසුර
deshaya . lk

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements