Featured News

Video Gossip

Advertisement

රෑ වුනොත් ජනේලයෙන් සිය නිවසට ඒමට පුරුදු වී සිටී එක්දරු පියෙකුගේ අවසානය

ගෙදර එන්න රෑ වුනොත් මහල් නිවසේ ජනේලයෙන් සිය නිවසට ඒමට පුරුදු වී සිටී එක්දරු පියෙකු සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ තුන් වෙනි මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බව අඟුලාන පොලිසිය පැවසීය.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අගුලාන සයුරු පුර නිවාස සංකීර්ණයේ තුන්වැනි මහලේ පදිංචිව සිටි(24) රසික සම්පත් මාටින් නමැති අයෙකි.

මරණකරු තුන් වෙනි මහලෙන් බිමට වැටී ඇති අයුරු කසල ගෙනයන්නට පැමිණි නගර සභා ලොරියෙ අයකු දැක පොලිසියට කළ දැනුම් දීම්ට අනුව මේ පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව පොලිසිය පැවසීය.ඔහුගේ බිරිඳගෙන් සහ දෙමව්පියන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම මරණකරු අලුයම 2ට පමණ සයවෙනි මහලේ පවතින මළගෙදරකට යෑමට පිටත් ව ඇතැයි පොලිසිය පැවසීය.

සාමාන්‍යයෙන් රාත්‍රියේ ගෙදරට පැමිණෙන අවස්ථාවන්වලදී නිවැසියන්ගේ නින්ද කැඩීමට අකමැති බව කියන මෙම පුද්ගලයා කොරිඩෝව දිගේ පැමිණ තුන්වන මහලේ ජනේලයෙන් නිවසටට ඇතුළු වීම පුරුද්දක් ලෙස සිදු කළ බව ඔහුගේ නිවැසියන්ගෙන් ලද කටඋත්තරයේ සඳහන් බව පොලීසිය පැවසී ය.

එසේ ජනේලයෙන් නිවසට පැමිණීමේ දී මොහුට යම් අනතුරක් සිදුවූයේ ද එසේත් නොමැති නම් මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න බව සොයා බැලීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

වෘත්තියෙන් ධීවරයෙකු බව කියන මෙම මරණකරු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයෙක් බව පොලිසිය පැවසීය.

මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් අඟුලාන පොලිස් ස්ථාන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රංජිත් පොලිස් සැරයන් ප්‍රසන්න යන නිලධාරීහු සිදු කරති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements