Featured News

Video Gossip

Advertisement

ඇයගේ දරා ගැනීම පිරිමියෙකුට කවදාවත් දරාගන්න බැහැ මේ අපි දුර්වල විය යුතු කාලයක් නෙමෙයි -  ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුණි මනිෂා චංචලා කියන කතාව 

දෙරණ ලිට්ල් ස්ටාර් ගායන තරගාවලියෙන් ළමා ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි මනිෂා චංචලා මෑත කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතයෙනි. ගායනයෙන් නිවේදනයෙන් මෙන්ම රංගනයෙන් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ආලින්දය හැඩ කරන ඇය බොහොම කාලෙකට පස්සේ සිරිකත හැඩකාරිය ලෙස එකතු වෙමින් කතාබහට ඉඩහසර වෙන් වුණේ මේ විදිහට.

බොහොම කාලෙකට පස්සේ තමයි මනිෂාව පුංචි තිරයෙන් දකින්නේ

ඇත්තටම ‘සිඳු’ ටෙලි නාට්‍යයෙන් පස්සේ මම නාට්‍ය කිහිපයක්ම කළා. ඒත් මම නිර්මාණ භාර ගන්නෙම නැතිව සිටි කාලයකුත් තිබුණා. මම රංගන කටයුතු පොඩ්ඩක් පැත්තකින් තියලා ගායන විශාරද විභාගයට සූදානම් වුණා. ඒ විභාග ටික කළා.

මනීෂව කරළියට ගේන්නේ ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුණිගේ චරිතය. එදා ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරය දැන් අඩුවෙලාද?

ඒ දවස්වල තෙරුණිට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඕනෑම කෙනකුට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ජනයාට ප්‍රිය වෙන්න අමාරුයි. ජනප්‍රිය කියන දේ හැමදාම එකම විදියට තියෙන්නේ නෑ. කාලෙන් කාලෙට ජනප්‍රියත්වය කියන දේ අඩු වැඩි වෙනවා. හැබැයි තාමත් තෙරුණිගේ චරිතය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. මොකද මම වෙනස් චරිත කොච්චර රඟපෑවත් ගොඩක් අය තාමත් මාව අඳුනන්නේ සිඳු නාට්‍යයේ තෙරුණි කියලා.

මනීෂා චරිත තෝරා ගනිද්දි දක්වන සැලකිල්ල මොනවගේද?

චරිතයක් ලැබුණෙත් ඒ චරිතය තුළ මට කරන්න දෙයක් තියෙනවද කියලා මම මුලින්ම බලනවා. නිකම්ම ගිහින් දෙබස් ටික කියලා එන චරිතවලට මම කැමති නැහැ. සමාජය තුළ අපිට මුණ ගැහෙන තාත්වික චරිත නිරූපණයට මම හරිම කැමතියි. ස්වර්ණවාහිනියේ පසුගිය දිනවල විකාශය වුණු අක්කා නගෝ ඒකාංගික නාට්‍යයත් මම හරිම ආසාවෙන් කරපු නාට්‍යයක්. කවදාත් මට සාධාරණයක් කරන්න බැරි චරිත අවිශ්වාසයෙන් භාර ගන්නේ නැහැ.

ගායනය අමතක කරලම දාලද?

ඇත්තටම ගායන පැත්තේ කරන්න හිටපු නිර්මාණ කිහිපයක්ම නාට්‍ය වැඩත් එක්ක නතර වුණා. දිනේෂ් ගමගේ එක්ක මනුරංග විජේසේකර අයියා ලියපු සිංදුවක් කරනවා මේ දවස්වල.

සිනමාවෙන් අවස්ථාවක් ලැබුණේ නැද්ද?

මට මුලින්ම චිත්‍රපයකට ආරාධනා ලැබුණේ උසස් පෙළ කරන කාලෙදි. අධ්‍යාපන කටයුතු නිසා භාර ගත්තේ නැහැ. ඊට පස්සේ නම් හොඳ පිටපතක් ලැබුණේ නැහැ. හොඳ පිටපතක් ලැබුණොත් චිත්‍රපටයකට දායක වෙන්න හරිම ආසාවෙන් ඉන්නවා. පසුබිම් ගායනයෙන් නම් ළමා චිත්‍රපටි දෙකකට දායක වෙලා තියෙනවා.

ජීවිතේ ගැන කොහොමද හිතන්නේ?


ජීවිතේ ගැන සංකීර්ණ විදිහට හිතන්න කැමති කෙනෙක් නෙමෙයි. හැමෝටම පොදු හීන ටිකක් මටත් තියෙනවා. මම මහන්සි වෙන්නේ මගේ ඉලක්කයට යන්න. මේ ගෙවන්නෙත් අපි හැමෝටම අමාරු කාලයක්. හීන මිය ගිය පරම්පරාවක ජීවත් වෙන අපි හීන දිනන පළවෙනි පරම්පරාව විය යුතුයි. මේක රට දාලා යන්න ඕන කාලයක් නෙමෙයි. අමාරුවෙන් අපි හැමෝම එකතු වෙලා නැගිටින්න ඕන කාලයක්. තරුණියක් විදිහට වැටුණු තැනින් නැගිටීමේ ශක්තිය මගේ අම්මා මට දීලා තියෙනවා. සමාජය ඇතුළෙ ශක්තිමත්ම කෙනා ගැහැනිය. මොකද ඇයගේ දරා ගැනීම පිරිමියෙකුට කවදාවත් දරාගන්න බැහැ මේ අපි දුර්වල විය යුතු කාලයක් නෙමෙයි.

මනීෂාගේ අතීතයත් මතක් කරමු

මගේ ගම නුවර. අදටත් විවේකයක් ලැබුණු ගමන්ම මම යන්න කැමති නුවර නුගවෙල මගේ ගමට. මගේ පාසල මහනුවර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය සහ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමය. පුංචි කාලේ ඉඳලා ගායන දක්ෂතා තිබුණු නිසා තමයි අම්මා මාව දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට ඉදිරිපත් කළේ. මම රඟපෑවත් කැමති ගායිකාවක් විදියට ඉස්සරහට යන්න.

නදීශා අතුකෝරළ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements