Featured News

Video Gossip

Advertisement

ප්‍රංශයේ සරණාගතයකු ලෙස ජීවත් වූ කුඩු අංජු ප්‍රංශ පෙම්වතියට සුපිරි අවන්හලක් අරන් දීලා
සියල්ල හෙලිවෙයි

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වශයෙන් රතු නිවේදන නිකුත් කර ඇති සිංහාරගේ අමල් ශාමින්ද ද සිල්වා නොහොත් රත්මලාන ''කුඩු අංජු'' නැමැත්තා ප්‍රංශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූයේ පසුගියදාය.

දැනට ප්‍රංශ රටේ රිමාන්ඩ් භාරයේ පසුවන රත්මලාන කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයකු ලෙසජීවත්වෙමින් ව්‍යාපාර පවත්වාගෙන ගියේ කෙසේ දැයි යන්න සොයාගැනීමට ප්‍රංශ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මුදල් විශුද්ධිකරණය යටතේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද එරටින් ලැබෙන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.රත්මලානේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශ අධිකරණයක් හමුවට පහුගිය 4වෙනිදා ඉදිරිපත් කිරීමෙන් පසු නැවතත් ඔහු රිමාන්ඩ් බාරයට පත්කර මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු දේපල උපයාගත් ආකාරය ගැන විමර්ශන ප්‍රංශ පොලිසිය ආරම්භ කර තිබේ.

මුදල් විශුද්ධිකරණය ප්‍රංශ නීතිය අනුව අතිශය බරපතළ වරදක් බව බව ද සැලකේ.

ප්‍රංශයේ සුපිරි අවන්හලක් මිලදී ගෙන එය කුඩු අංජු නැමැත්තාගේ අනියම් බිරිඳ බවට පැවසෙන ප්‍රංශ ජාතික තරුණියගේ නමින් පවත්වාගෙන යන බව ද ප්‍රංශ ආරංචි මාර්ග පවසයි.

රත්මලානේ කුඩු අංජු නැමැත්තා මිලදී ගෙන සිය අනියම් බිරිඳ බව කියන ප්‍රංශ ජාතික තරුණියට ලබාදුන් අවන්හල නමස්තේ යන නමින් පවත්වාගෙන යන බව සඳහන් වේ.

නමස් තේ නමින් හැඳින්වෙන මෙම අවන්හලේ නිතර සාද පැවැත්වෙන බවත් එයට කුඩු අංජු නැමැත්තාගේ සුරූපී ප්‍රංශ බිරිඳ ද සහභාගි වී නර්තන ඉදිරිපත් කරන බවත් එරටින් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් වැඩිදුරටත්වාර්තා වේ.

මීට අමතරව ප්‍රංශයේ බෝදෝ ප්‍රදේශයේ වයින් කම්හලක් ද මොහු වෙනත් අයකුගේ නමින් පවත්වාගෙන යනු ලබන බව කියති.

ප්‍රංශයට පළා ගොස් සැඟව සිටින මත්ද්‍රව ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරිකයන් බවට සැලකෙන ගල්කිස්සේ ජූඩ් ප්‍රියන්ත සහ බටුවත්තේ චාමර නැමැත්තෙකුමෙම ව්‍යාපාර කටයුතු සඳහා රත්මලානේ කුඩු අංජු නැමැත්තා විසින් හවුල් කරගෙන සිටින බව පැවසේ.

කුඩු අන්ජු නැමැත්තා සහ ඔහුගේ බිරිඳ අතර පවතින ආරවුල් සමථයකට පත්කර පවුල සාමදාන කිරීමටමොවුන් දෙදෙනා දැඩි වෙහෙසක් ගන්නා බවද එරටින් ලැබෙන ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.

ප්‍රංශ සුරූපිනිය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය නතර කර ඇයට මුදල් ලබාදීම නතර කරන්නේ නම් පමණක් නැවත ඔහු සමඟ පවුල් ජීවිතයක් ගත කිරීමට කැමති බව කුඩු අංජු නැමැත්තාගේ බිරිඳ මෙහිදී පවසා ඇතැයි ද එම රටෙන් ලැබෙන විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන රත්මලානේ කුඩු අංජු නැමැත්තා පවසා ඇතැයි කියන්නේ ප්‍රංශ ජාතික තරුණිය සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාව කිසිසේත් නතර කර දැමිය නොහැකි යැයි කියති.

රත්මලානේ කුඩු අංජු නැමැත්තාට ඩුබායිහි වතුර බෝතල් කිරීමේ කර්මාන්ත ශාලාවක් ද ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක් ද තිබෙන බවට තොරතුරු හෙළි වී ඇත.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements