Advertisement

සාගලට දෙනියාය එපා වුනාද?  
බටහිර කොළඹින් මැතිවරණයට 

බටහිර කොළඹ ආසනයේ එජාප නව සංවිධායක ලෙස පක්ෂයේ ජාතික සංවිධායක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පත් කර තිබේ. බටහිර කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම පසුගියදා (22) කොළඹදී පැවැති අතර, එහිදී බල මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඒකමතික ඡන්දයෙන් සාගල රත්නායක මහතා ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ගැනිණි.

බටහිර කොළඹ සහ නැඟෙනහිර කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම කිරුළපන එජාප ශාඛා කාර්යාල ප්‍රධාන ශාලාවේදි පැවැති අතර, එහිදි නව බල මණ්ඩල නිලධාරීන් තෝරා පත් කර ගැනීම ද සිදු විය.බටහිර කොළඹ ආසනයේ උප සභාපති ලෙස මොහොමඩ් අර්ශාඩ් සහ ලේකම් ලෙස ෂකීල් සිද්දික් කරීම්, උප ලේකම් ලෙස කනගරන්ජිදන් බ්‍රනවන් සහ භාණ්ඩාගාරික ලෙස අමිල පෙරේරා මහත්වරුන් තෝරා පත් කරගෙන ඇත. මීට අමතරව නැඟෙනහිර කොළඹ ආසන බල මණ්ඩලයේ සභාපති ලෙස කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති යූ. ටයිටස් පෙරේරා මහතා පත් වී ඇති අතර, උප සභාපති ලෙස සුගත් කුමාර, ලේකම් ලෙස සුජීව සම්පත්, උප ලේකම් ලෙස සංජීව රොෂාන් සහ භාණ්ඩාගාරික ලෙස සුජිත් පෙරේරා මහත්වරුන් ද පත් කර ඇත.

එසේම බල මණ්ඩල ද්විත්වයට අදාළ විධායක කමිටු සාමාජිකයන්ද පත් කර තිබු අතර, මේ අවස්ථාවට එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මියද සහභාගී වූවාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements