Advertisement

ලගම අය වට කරගෙන ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි උපන්දිනය සැමරුව හැටි
[PHOTOS]

ලෝචනා ඉමාෂි කියලා කියන්නේ පුංචි තිරයේත් රිදී තිරයේත් දස්කම් පාන කටකාර හැඩකාර රුවැත්තියක්.
රංගන තාරකා අතර දඟකාරම කරකාර විසේකාරම තාරකාව කවුද ඇහුවොත් ඔබට නිසැකවම සිහිපත් වන්නේ ඇය බව නොඅනුමානයි. 

ප්‍රේක්ෂක ජනාදරයට නිරන්තරවම පාත්‍ර වන ඇය, විවිධ චරිත ඔස්සේ ඉතා දක්ෂ ලෙස ඇගේ රංගනය දිගහැර දක්වන්නේ ඇයටම ආවේණික වූ රංගන විලාශයකින්.ඒ වගේම තමයි ඇය music videos ඔස්සේ ද රසිකයාගේ හදවත දිනා ගැනීමට සමත් වුණා.

රංගන ශිල්පිනියකගේ වෘත්තියට අමතරව මෝස්තර නිරූපිකාවක් විදිහටත් රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහටත් අපිට ඇයව හඳුනාගන්නට පුළුවන්. 

ඇය රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ නිර්මාණ සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා ඒ අතරින් ගින්දරී , අබිනික්මන නම් සිනමාපට අතිශයින් ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට සමත්වූ අතර ම ඇය රංගනයෙන් දායක වූ සංසාර සිහිනයේ ටෙලි නාට්‍යයේ අනුත්තරා කියන චරිතය ඇයගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් ද වුණා.

 පසුගිය 15 වැනිදා ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. ලෝචනා ඇගේ උපන්දිනය කලා ලෝකේ යාළුවන් එක්ක සමරපු ආකාරය හිරු ගොසිප් වෙතින් අපි ඔබට ගෙන ආවා.

කලා ලෝකේ යාළුවො එක්ක විතරක් නෙමෙයි ඇගේ සමීපතම නෑදෑ හිතවතුන් එකත් ලෝචනා ඇගේ උපන්දිනය සැමරුවා. මේ තියෙන්නේ ලෝචනා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණු ඒ සාදයේ ඡායාරූප.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements