Featured News

Video Gossip

Advertisement

වේදිකාවක් උඩදී සේනානායක වේරලියද්ද කරපු කාගෙත් කතාබහට ලක්වුණ වැඩේ

සේනානායක වේරලියද්ද කියන්නේ ලංකව දන්න කියන වේදිකාවට නැතිවම බැරි වුණ ගායකයෙක් කිව්වොත් හරියටම හරි.

කිසිම භේදයකින් තොරව ඔහුට ආදරය කරන පිරිස ඔහු වටා එක් රොක් වෙනවා.

ඔහු විසින් සිදු කළ සුවිශේෂී කර්තව්‍යක් දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

පසුගියදා කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ සනීපාරක්ෂක පහසුකම් ගොඩනගා ගැනීමට ආධාර පිණිස ආදි ශිෂ්‍යය සංගමය එක්ව සංවිධානය කළ මහා සංගීත රාත්‍රියකදී තමයි මෙම සිදුවීම සිදු වෙලා තිබෙන්නේ.ජනප්‍රිය තරු රාශියක්ම ගීත ගායනයට එක් වූ මෙම සංගීත රාත්‍රිය ආරම්භයට මෙම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිවරයා පාසල ගැන,පාසලේ දරුවන්ගේ අවම පහසුකම් ගැන සහ දුක් විඳගෙන ඉගෙන ගන්න දුවා දරුවන් ගැන සඳහන් කරමින්, මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කිරීම ගැන ඔහු කතාවක් පවත්වා තිබුනා.

ඒ වෙලාව වෙද්දිත් සේනානායක වේරලියද්ද ගායන ශිල්පියා මේ ස්ථානයට පැමිණ හිඳ තිබෙනවා.

ඉතින් තමන්ගේ වාහනයට වෙලා මේ ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිවරයාගේ කතාව සාවධානව අසා සංවේදී වූ සේනානායක වේරලියද්ද හරි අපූරූ වැඩක් කරනවා.

ඒ ඔහු මේ ප්‍රසංගයේ කිසිදු මුදලක් අය කරන්නේ නැතිවම ගීත ගායනා කරලා මිනිස්සු සතුටු කරනවා වගේම,ඔහු ඒ මුදල් පාසලේ දියුණුව වෙනුවෙන් පරිත්‍යාග කරන්නට තරම් කාරුණික වෙනවා.

අවසානයේ ඔහු ගීත ගායනා කරලා වේදිකාවෙන් බැස යන අවස්ථාවේදි විදුහල්පතිවරයා සහ ආදි ශිෂ්‍යන් දෙපස රැඳී ඔහුට ගෞරව කල බවද සඳහන් වෙනවා.

නැවතත් ඔහුට යම් මුදලක් ලබා දෙන්නට කටයුතු කලත් ඒ මුදලත් ප්‍රතික්ෂේප කලා කියලයි තමයි ආරංචි වෙන්නේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements