Featured News

Video Gossip

Advertisement

සිරස ගොඩ දැමූ සුසාර දිනාල් සමුගනී 

කැපිටල් මහාරජා සමූහයේ වසර විසිදෙකක දීර්ඝ සේවාදිගුව අවසන් කරමින් ප්‍රවීණ මාධ්‍යවේදී නීතීඥ සුසාර දිනාල් සිල්වා මහතා MTV ප්‍රධාන විධායක තනතුරෙන් සමුගෙන තිබෙනවා.

1997 වසරේදී ප්‍රවෘත්ති නිවේදකයෙක්,නිෂ්පාදකයෙකු ලෙස ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාව හරහා මාධ්‍ය ජීවිතයට අත්පොත් තැබූ සුසාර දිනාල් මහතා ඉන්පසුව MTV / MBC සිරසෙ ටීවී වැඩසටහන් අධ්‍යක්ෂකවරයා ලෙස සම්බන්ධ වුණේ මීට වසර 22 කට පෙරයි.

ඉන් පසුව Newsfirst ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා ලෙසත් ඔහු වසර ගණනාවක් කටයුතු කර තිබෙනවා.

වසර විසි හතකට වැඩි මාධ්‍ය ජීවිතය තුල සිරස සුපර් ස්ටාර්, සිරස කුමරිය , ඩාන්සින් ස්ටාර් , ද වොයිස් , ඇතුළු නව මානයේ පෙරළිකාර නිර්මාණ රැසක් කරමින් ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි ටෙලිවිශන් නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයාට ලබාදෙමින් සහ ධර්මයුද්ධය , තාල , යූ ටර්න් ඇතුළු විශිෂ්ට මට්ටමේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බොහොමයකට තම මෙහෙයුම් නායකත්වයද ලබා දී තියෙනවා.

මෙරට රූපවාහිනී කලාව , ප්‍රවෘත්ති කලාව තුල නව මානයේ සංකල්ප හරහා කුසලතා සහිත තාරුණ්‍යයට වේදිකාවන් නිර්මාණය කල සුසාර දිනාල් මහතාගේ මීළග පියවර තවත් මාධ්‍ය ජාලයක්ද යන්න පිලිබද තවමත් නිෂ්චිතව සදහන් කර නැහැ.

කෙසේ වෙතත් විශ්වාසනීය ආරංචි මාර්ග සදහන් කලේ වෘත්තීය ජීවිතයට සමුදීමෙන් අනතුරුව ඔහු තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

2024 වර්ෂය තුල ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයද පැවැත්වීමට නියමිත බව වාර්තාවෙයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements