Featured News

Video Gossip

Advertisement

ජනපති රනිල් බංග්ලාදේශයේ නව අගමැතිට සුබ පතයි  
බංගලාදේශය ගොඩ ගන්න රනිල්ගේ සහය පතයි

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ මුහම්මද් යුනුස් මහතාට ඊයේ (14) සවස දුරකථනයෙන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබෙනවා. 
 බංග්ලාදේශයේ නීතිය හා සාමය රැකීමට යුනූස් මහතාට හැකිවනු ඇතැයි තම විශ්වාසය වන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ. බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකික ආයෝජකයන්ට අඛණ්ඩව එහි රැඳී සිටිමින් ආයෝජන කටයුතු සිදු කරන ලෙස තමා දැනුම් දෙන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශයට ආර්ථික වශයෙන් දියුණුවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට හැකි සෑම උපකාරයක්ම කරන බවටද ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබාදී ඇති බව සඳහන්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුමට ස්තුතිය පළ කර ඇති බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයා අවස්ථාවක් ලද විගස බංගලාදේශයට පැමිණ රට යථාවත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements