Advertisement

මෛත්‍රීපාල - විජේදාස ඩිවොර්ස් වෙයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේග පක්ෂයට සහයෝගය ලබාදීමට සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වයි. 

 ඒ මහතා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා එවන් තීන්දුවක් ගතහොත් හොඳ බවයි. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදීමෙන් අනතුරුව මාධ්‍ය විසින් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය. 

 විජේදාස රාජපක්ෂ මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව ජනාධිපතිවරණයට තරග වැදීමට අමාත්‍ය ධුරයද අතහැර වෙනම දේශපාලන ගමනක් ආරම්භ කළ අතර මාසයක් යන්න පෙරාතුව ඔවුන් අතර විරසකයක් මේ ආකාරයට ඇති වී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements