Featured News

Video Gossip

Advertisement

ජොන්ස්ටන්ගේ ලග තිබූ රථය එංගලන්තයේ සොරකමට ලක්වූ එකක්- අධිකරණයේදී හෙලි වෙයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ළඟ තබාගත් බව සඳහන් ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා. 

අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

 කෙසේ නමුත්, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ, ප්‍රශ්නගත මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කරන ලද පැවසුවද, එම සොරකමට සිය සේවාදායකයා සම්බන්ධ බව ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුට විරුද්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවයි. 

කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථයක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔක්තෝබර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ඊයේ (23) නියෝග කර තිබුණා. ඔබේ මතය... |||

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements