Featured News

Video Gossip

Advertisement

රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට

රනිල් වික්‍රමසිංහ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවන ඇති නායකයෙක් බව නොරහසක්. දේශපාලන මතවාදය කෙසේ වූවත් දේශපාලනයේ හැසිරවීම ගැන ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.

ඔහු කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැව​තත් පණ ගැහෙන තැනක් බවට අවසානයේ පත් කරමින්, වර්ථමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කලේ ද, "මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවා ගේ වගකීම අද සිට ඔබට භාරයි" යන්නයි. එලෙස තම අනුප්‍රාප්තික ධූර කාලයෙන් අවසන් වරට සමු ගන්නා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තුමන්, පසුගිය දවසක Music Video වකට ප්‍රථම වරට සහභාගී වී ඇති බවට මේ වන විටත් සමාජ ජාලා වල වැඩි වශයෙන් කතා බහට ලක් වනවා.

ආරංචිමාර්ග සදහන් කරන පරිදි මෙම Music Videoව අද සවස නිකුත් වීමට ද නියමිතයි!

කෙසේ වූවත් මේ අවස්ථාවේ ලංකාවේ මෙතෙක් නොවූ විරෑ ලෙස සිදු වෙමින් පවතින මහා පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුල එතුමන් ගත් මෙම පියවර ගැන බොහෝ දෙනා විවිධ අදහස් පළ කල තිබුණා. මන්ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතාද මීට පෙර, අපි හොදින් හදුනන වස්ති Youtube Music Videoවකට රංගනයෙන් දායක වී තිබුණේද ඔහුගේ ධූර කාලෙයන් අනතුරුවයි.

ඉතින් කෙසේ හෝ මෙම නිකුත් වීමට ඇති Music Video ව පිළිබදව බොහෝ දෙනාගේ අවධානය දැනටමත් දිනාගෙන අවසන්ය.

එමෙන්ම හිටපු ජනපතිවරයෙක් මෙන්ම තවමත් දේශපාලනයේ සක්‍රීය ක්‍රියාකරුවෙකු ලෙස රනිල් වික්‍රමසිංහයන් මෙලෙස Music Videoවකට සහභාගී වීම, වික්‍රමක් ලෙස ඉතිහාස ගත වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු!

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements