Featured News

Video Gossip

Advertisement

දකුණ සෙලවූ සාගල මෙවර කොළඹින් මැතිවරණයට

සාගල රත්නායක මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරය ලකුණෙන් මැතිවරණයට එළැබෙන බව  ගොසිප්99 අපට වාර්තාවෙයි. 

සාගල ගජේන්ද්‍ර රත්නායක 1968 පෙබරවාරි මස 27 වන දින උපත ලබා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු වලට අනුව ඔහුගේ රැකියාව "ඉඩම් හිමිකරු" ලෙස සඳහන්ව ඇත.


ඔහු එක්සත් ජාතික පක්ෂය යටතේ දේදේශපාලඥයකු වශයෙන් විවිධ තනතුරු දරා ඇති අතර ඒ අතර කැබිනට් අමාත්‍ය ධූර සහ අගමැති, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී තනතුරුද ඇතුලත්ය.

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් 2000 වසරේදී ඔහු පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2019 නොවැම්බර් වන විට ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයීය මාණ්ඩලික ප්‍රධානී සහ වරාය, නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා විය. 2022 වසරේ සිට ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානීයා ලෙස කටයතු කරන ලදී

රත්නායක, සිය ද්විතීයික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් සම්පූර්ණ කළේය. ඔහු 1993 වසරේ දී පෝට්ලන්ඩ් හි ලුවිස් හා ක්ලාක් විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන අධ්‍යයනය පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. ඔහු 1994 අගෝස්තු සිට 1999 අප්‍රේල් දක්වා HSBC බැංකුවෙහි ණය මෙහෙයුම් කළමනාකරු ලෙස සහ 1993 අගෝස්තු සිට 1994 ජූලි දක්වා සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලිමිටඩ්හි මූල්‍ය විශ්ලේෂක ලෙස සේවය කර ඇති බව අන්තර්ජාල තොරතුරුවල සදහන්ව ඇත.

ඔහු නීතිය හා සාමය අමාත්‍යවරයාව සිටි කාලයේදී පොලිස් නිළධාරීන්ගේ වැ⁣ටප් ඇතුලු විවිධ ගැටලු සම්බන්ධයෙන් විශාල සේවයක් සිදු කල බව පැවසේ. තවද පසුගිය ආර්ථික අර්බුදයත් සමග මෙරට ආර්ථික ස්ථායීකරණ වෙනුවෙන් IMF සමග ඍජුව සම්බන්ධ වෙමින් මෙරට ආර්ථිකයට හුස්ම ගැනීමට ඉඩ සැලසූ කණ්ඩායමේ ප්‍රමුඛතම රාජකාරියක් ඉටු කල අයෙකු ලෙසද වාර්තාවෙයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements