Featured News

Video Gossip

Advertisement

උපන් දින දෙකේ මිනිසා.

මිනිසෙකු එකම වසරක දෙවරක් උපත ලබා ඇතැයි ඔබ පිලිගන්නේ ද? 

1979 දී ඒ අසිරිමත් උපත සිදුවිය. අළුත්ගම කළුවාමෝදර ගමේ ජුවන් ද සිල්වා කංකානම්ගේ ශීලා ප්‍රේමකාන්ති මවට දාව 1979 අගෝස්තු 07 වන දා වෙඩික්කාර රුවන් සුජීව ද සිල්වා නමින් ඒ උපත සිදුවිය. 

කිසිවෙකු විශ්වාස නොකරන නමුත් එම මවට යලිත් 1979 වසරේ දී ඔක්තෝබර් 07 වන දින රුවන් සුජීව ද සිල්වා වෙඩික්කාර නමින් ඔහුගේ දෙවන උපත සිදුවිය. 

කලියුගයෙහි එවැනි දෑ සිදුවිය හැකිය. 

ඔහුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ ජාතික හැඳුනුම්පත් දෙකක් ඇත. 

එම ජාතික හැදුනුම්පත් වල අංක 792200850V සහ  792813712V  වෙයි 

ඔහුට ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කල විදෙස් ගමන් බලපත්‍ර දෙකක් ඇත. 

එනම් N3614312 දරණ ගුවන් බලපත්‍රය සහ N2092483 දරණ ගුවන් බලපත්‍රය යි. ජාතික හැඳුනුම්පත් දෙකට අදාළව ලබාගෙන ඇති ගුවන් බලපත්‍ර දෙකින් ඔහු එකම වසරෙහි දෙවරක් උපන් මිනිසා ලෙස ඔහු ඔප්පු කොට හමාරය. 

කලියුගයෙහි එකම වසරක දෙවරක් උපන් මිනිසා ඔහුය. 

විටෙක ඔහු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම පවා නියෝජනය කළ වමතින් වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. 

ඔහු ක්‍රිකට් ක්‍රීඩා කරන සමයෙහි පටන් ජාතික හැඳුනුම්පත් දෙකකින් පෙනී සිට ඇත. 

විටෙක එක් හැඳුනුම්පතකින් ඔහු ජාත්‍යන්තර සැටලයිට් නාලිකාවක සභාපති වරයෙකි. 

තවත් වරෙක වෙනත් හැඳුනුම්පතකින් තවත් නාලිකාවක අධක්ෂක මණ්ඩලයේ අධක්ෂක වරයෙකි. 

එපමණක් නොව ඔහු ජාත්‍යන්තර නාලිකාවකට ගෙවිය යුතු ඩොලර් මිලියන ගනනක් නොගෙවා එම නාලිකාව වසා දමා එක් හැඳුනුම්පතකින් අතුරුදහන්ව ඇමරිකාවෙන් මතුවූ මිනිසා ය. 

පන්දුවෙන් නැතත් වංචාවෙන් හෝ ජාත්‍යන්තරය ජයගත් මිනිසා ඔහුය. 

කූට ලේඛන සැකසීම, හැඳුනුම්පත් දෙකකින් පෙනීසිටීම, ජාතික හැඳුනුම්පත් දෙකක් එකවර දරා සිටීම නිසා මේ වන විට ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සොයමින් සිටින මිනිසා ඔහුය. 

ඒ සුජීව ද සිල්වා නම් කලියුගයෙහි දෙවරක් උපන් ජාත්‍යන්තරය පවා ජයගත් මේ මිනිසා මේ වනවිටත් එම කූට ලේඛන යොදාගෙන ඇමරිකන් පුරවැසි බව ලබා ඇත. 

ඇමරිකානුවන් පරදවා ජය ලැබූ සුජීව ද සිල්වා නම් ඒ මිනිසා නිසා අද ඔහු ලගින් ඇසුරු කල ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන්, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බොහෝ දෙනෙකු ද සලිතව ඇත. ඔහුගේ මෙරට සහ ජාත්‍යන්තර තවත් විස්මිත ජයග්‍රහණයන් පොලිස් විමර්ශන තුළින් ඉදිරියේ හෙලිදරව් වනු ඇත.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements