Featured News

Video Gossip

Advertisement

මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළ යුතු බවට පත් කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට අද (07දා) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේය.
දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වරප්‍රසාද අධික ලෙස ලබන පිරිසක් බවට සමාජයේ පවතින මතය වෙනස් කිරීමට එම විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් හැකියාවක් පවතින බව යෝජනාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා කීය. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරු “මේ මොනවද කරන්න හදන්නේ” යැයි තමාගෙන් දුරකථන ඇමතුම් ගණනාවකින් විමසුව ද ජනතා සිතුම් පැතුම් ඉටු කිරීම සඳහා තමන් මෙම යෝජනාව ඉදිරිපත් කළ බව ද කරුණානායක මහතා සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පවතින සමාජ විරෝධතාව ඉවත්කර මන්ත්‍රීවරුන් පිළිබඳව ඇති සමාජ විශ්වාසය ඇති කිරීම වෙනුවෙන් මෙම යෝජනාව කළ බව ද ඔහු කීය.

හිටපු මන්ත්‍රීවරුන් 215 දෙනකු මේ වනවිට විශ්‍රාම වැටුපක් ලබාගන්නා බවත් එය යම් සොච්චම් ප්‍රමාණයක් වුව ද මෙම වැටුප් ක්‍රමය අහෝසි කිරීමෙන් ආඩම්බරයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකි බව ද මන්ත්‍රීවරයා පැවැසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements