Featured News

Video Gossip

Advertisement

බොරැල්ලේ වාහන යට කර දොඹකරයේ රියදුරා ගංජා පානය කරලා
හිමිකරුත් අත්අඩංගුවට 
දෙදෙනාම හෙට උසාව්යට.

බොරැල්ලේ (28) උදෑසන සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් දොඹකර රථයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර රියදුරා සහ දොඹකර රථයේ හිමිකරු හෙට අලුත්කඩේ අංක 02 මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
මේ අතර රිය අනතුරට සම්බන්ධ දොඹකර රථයේ රියදුරා ගංජා පානය කර ඇති බවට තහවුරු වී ඇති බවට අදාළ රියදුරු සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි බොරැල්ල පොලීසිය සඳහන් කළේය.

අද උදෑසන බෞද්ධාලෝක මාවතේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ දොඹකර රථය බොරැල්ල කනත්ත වට රවුමේ මාර්ග සංඥා අසලදී යතුරුපැදි 06ක සහ මෝටර් රථ 03ක ගැටී අනතුරක් සිදුව තිබුණි.

මාර්ග සංඥා හේතුවෙන් රථ වාහන නතර කර තිබියදී දොඹකර රථය වාහන පෙළ යටකරගෙන වේගයෙන් ඉදිරියට ගමන් කරන ආකාරය CCTV දර්ශනවල දැක්වුණි.

දොඹකර රථයට යටවූ යතුරුපැදි කිහිපයක් රථය තුළ සිරවී ඇති ආකාරය ද දක්නට ලැබුණි.

අනතුරින් එක් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තුවාල ලැබූ තවත් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේය.

ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වන අතර ඔවුන් අපරාධ වාර්තා කොට්ඨාසයට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් බව වාර්තා වෙයි.

රියදුරුගේ නොසැලකිලිමත් බව හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සිදුකළ විමර්ශණවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements