Featured News

Video Gossip

Advertisement

ඩඩ්ලි සිරිසේන කියන්කෙ හොද මනුෂ්‍යයෙක්
අපි ඔහුට ගරු කරන්න ඕනෙ.

“මිනිස්සු බැන්නට තරහ වුණාට ඩඩ්ලි සිරිසේන කියන්නේ හොඳ මනුෂ්‍යයෙක්. වැලි කැට නැතිව බත් ටිකක් කන්න තරමට සහල් නිෂ්පාදනය දියුණු කළේ, ලංකාවට ඒ තාක්ෂණය හදුන්වලා දුන්නේ ඔහුයි. අපි ඒකට ඩඩ්ලිට ගරු කරන්න ඕන.” යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ගොවි රැස්වීමකදීය.
එමෙන්ම ගොවි ගැටලු පිළිබඳව කරන ලද ඉල්ලීම් ඉටු නොවන්නේ නම් සිය අයිතිවාසිකම් වෙනුවෙන් ආණ්ඩුවට වුවද විරුද්ධව උද්ඝෝෂණය කළ යුතු බවද ඇමැතිවරයා සදහන් කළේය.

“ගොවි ජනතාවගේ වි ටික අඩු මිලට ගත්ත තමයි. හැබැයි ඒකට ඒ මිනිහට බැණලා වැඩක් නැහැ. වී අලවි මණ්ඩලය වී මිල දී ගැනීම අත්හැරිය නිසා තමයි එහෙම වුණේ. වී අලවි මණ්ඩලය වැඩේ අත්හැරිය නොවෙයි අත් හැරෙව්වා පැවැති ආණ්ඩු. දැන් අපි අලුත් ගමනක් යන්නේ. ඒ නිසා සැකයක් අවිශ්වාසයක් තියාගන්න එපා.

මේ ආණ්ඩුව අවුරුදු පහ ඉවර වෙනකොට ආහාර ප්‍රශ්නයක් අපේ රටේ ජනතාවට නැහැ. රට කෘෂි කර්මාන්තය අතින් ස්වයං පෝෂිත රටක් බවට අපි පත් කරනවාමයි. ආණ්ඩුවට විරුද්ධව එම උද්ඝෝෂණය කරන්න කලින් මම ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේලාට තියෙන ගොවි ගැටලු පිළිබඳව සාකච්ඡා කර ගන්න වෙලාවක් මම දෙනවා. තමුන්නාන්සේලා සොයලා බලලා ස්ථානයක් මට කියන්න. මම එනවා අදාළ නිලධාරින්නුත් සමග සාකච්ඡා කරන්න. අපි කරන්න තියෙන සාකච්ඡා ටික හොඳින් කර ගනිමු ඒක අත්‍යවශ්‍ය වෙනවා.

ගොයම් කපන කාලයට ඉස්සර වී අලෙවි මණ්ඩලයෙහි ලොරි රථ කොච්චර පාරේ එහාට මෙහාට යනවා අපිට හම්බවෙලා තියෙනවද. දැන් එකක්වත් දකින්න තියෙනවද. අපි බලයට එනවිට වී අලෙවි මණ්ඩල සතු එක ලොරියයි තිබුණේ. ඒ ලොරියත් ගරාජ් එකේ තිබුණේ. මණ්ඩලය සතු වී ගබඩා නන්නත්තාර වෙලායි කැලෑවෙන් වැසී ගිහිල්ලයි තිබුණේ, සමහර වී ගබඩා වෙන වෙන ආයතනවලට දීලයි තිබුණේ, අපි රට පුරා වී ගබඩා ගොඩ නගමින් සිටිනවා හැබැයි තවමත් අපිට රටපුරා ගොවි ජනතාවගේ වී මිලයට ගන්න ඇතිවන තරම් ගබඩා විවෘත කරන්න බැරි වොලා තියෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements