Featured News

Video Gossip

Advertisement

නේවාසික රෝගියෙකුට අධික බිලක් නිකුත්කල
ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට අත්අඩංගුවට ගැනීමට නියෝග.

නරාහේන්පිට පිහිටි ආසිරි පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම නියෝගය ලබා දුන්නේ, රෝහල් නේවාසිකයෙකුට අධික මිලට ඖෂධ ලබා දී තිබෙන නඩු විභාගය සඳහා අධිකරණයට පෙනී සිටිය යුතු අවස්ථාවට අදාළ අධ්‍යක්‍ෂවරුන් නොපැමිණීම හේතුවෙනි.
ආසිරි රෝහලේ කළමනාකර අධ්‍යක්ෂකයෙකු ලෙස කටයුතු කරන්නේ ජනප්‍රිය ව්‍යාපාරික අශෝක පතිරගේ වන අතර, ඔහු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකු මෙම නියෝගයට ලක්ව සිටිති.

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ අසාධාරණයට පත් වූ සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් නීතිඥ රංජිත් හීල්ලගේ මහතා ඉදිරිපත් කළ ඉල්ලීම් සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, වරෙන්තු නිකුත් කිරීමට තීරණය කළේය.

ඉදිරිපත් කර ඇති නඩුවේදී, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවත්, පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් ද නීතියට එරෙහිව උඩින් නැති බවත් අධිකරණය අවධාරණය කළේය..

එයට හේතුපාදක වී ඇති කරැන මුහුණු පොතේ සදහන් වී තිබුනේ මෙලෙසිනි..

උපුටා ගැනීම....

මේ ලගදී මගේ යාලුවෙකුට stroke එකක් ආවා. පැය 3/4 කට පෙර අරගෙන ගියා. කොලඹ ඉස්පිරිතාලේට.

එහිදී පරීක්ෂණ කරල බලපුවාම කුඩා මොලයේ stroke ekak කීවා. බෙහෙත් දුන්නා ටිකට් කැපුවා. කිසිදු ඉන්ජෙක්ෂන් එකක් ගැහුවේ නෑ. නමුත් තවත් කැරකිල්ල නිසා මොලේ සමිබන්ධ ලොකුම දොස්තර කොලිජියට පෞද්ගලික රෝහලක චැනල් කලා .

ඒකටත් ඒ පුසිදධ වෛද්‍යවරයා රුපියල් 5000/= කට වැඩිය charge කලා. ඊට පස්සේ එයා පරීකෂා කරල කීවා ඉස්පිරිතාලේ දත්ත අනුව මේක කුඩා මොලයේ stroke ekak කියලා.

ඒවට විවිධ පරීක්ෂණ කරන්න දුන්නා. ඒවා කරන්නත් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් යනවා කීවා. එතෙක් නැවත ඉක්මනට ලෙඩේ වැඩිවෙන්න පුලුවන් කියලා අර පැය 24 ට පෙර ගහන්න ඕන කියන ඉන්ජෙක්ෂන් එක මේ පෞද්ගලික රෝහලෙන් කර ගන්න කියලා කීවා. ( පැය 24 කතාව අපි දැන ගත්තේ පසුවය)

ඒක විපරම් කරගෙන යනකොට ඒක ඇඩ්මිට් වෙලා ගහන්නේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සේලයින් එක්ක කීවා. මේ සියල්ලම කරන්න එනමි ඉන්ජෙක්ෂන් වැඩේට පමණක් ලක්ෂ තුනකට වැඩිය යනවා කියලා.

අන්තිමට සියලු කරැණු සොයාගෙන යාමේදී මේ ඉන්ජෙක්ෂන් එකේ මිල රැපියල් 650/= යි. මේ 650/= ඉන්ජෙක්ෂන් එක ගහන්න තමයි මේ පෞද්ගලික රෝහලේ ලක්ෂ තුනකට වඩා අය කරන්නේ. හිතා ගන්න කෝ මෙයාලගේ වැඩ. මෙයින් ලොකු පුශ්න දෙකක් පැන නගිනවා.

1. ජාතික රෝහලේ ඇයි මේ ඉන්ජෙක්ෂන් එක නොගැහුවේ. ඒකට යන වියදම 650/= නමි ඒක අපිට උනත් අරගෙන දෙන්න තිබුනි.

2. මේ නියම කල ඉංජෙක්ෂන් එක පැය 24 කට පෙර ගහන්න ඕනේ නමි මේ පෞද්ගලික වෛද්‍යවරයා පෞද්ගලික රෝහලෙන් ඉංජෙක්ෂන් එක ගහගන්න කීවේ ඇයි?

මේක සමිබන්ධව පරීක්ෂණයක් අපි ඉල්ලන්න ඉන්නේ. මොකද අපි ලඟ සියලුම documents තියෙනවා. මම මේක ලීවේ ඔබලාටත් මේ වැඩේ වෙයි කියලා.




මේක රටම දැනගත යුතු කාරනාවක් නිසාය.




Dmc Dissanayake සහ

Chamal Sanjeewa ගෙන් උපුටා පලකර ඇති බව සළකන්න.




#නීතියසැමට_සමානයිද

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements